ද්වීපාර්ශ්වික සහයෝගතා තවත් ඉහළ නැංවීම සම්බන්ධයෙන් චීන හා ෆීජි අගමැතිවරු සාකච්ඡා පවත්වති.
චීන අග්‍රාමාත්‍ය ලී ජ්‍යන් මහතා සහ ෆීජි අග්‍රාමාත්‍ය Sitiveni Rabuka අතර සාකච්ඡා ඉරිදා (18) දිනයේ බෙයිජිංහිදී පැවැත්විණ. චීනය සමග රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කළ පළමු පැසිෆික් දූපත් රාජ්‍යය ෆීජි දූපත බව චීන අග්‍රාමාත්‍යවරයා එහිදී පැවසීය. ෆීජි රාජ්‍යය දකුණු පැසිෆික් කලාපයේ වැදගත් සහයෝගතා හවුල්කරුවෙකු ලෙසට චීනය සැමවිටම සලකන බව ද හෙතෙම සඳහන් කළේය.
ස්වාධීනව තෝරාගත් සංවර්ධන මාවතක් ඔස්සේ ඉදිරියට යාමට චීනය ෆීජි ජනතාවට දැඩිව සහයෝගය දක්වන බවද ලී ජ්‍යන් මහතා සඳහන් කළේය. දෙරටේ නායකයන් විසින් එළඹි එකඟාතාවන් පොදුවේ ක්‍රියාත්මක කිරීමට චීනය සූදානමින් සිටී. චීනය අඛණ්ඩව ෆීජි රාජ්‍යයේ සැබෑ මිතුරෙකු බවද චීන අගමැතිවරයා සඳහන් කළේය. දෙරට යටිතල පහසුකම්, කෘෂිකර්ම හා ධීවර, සැහැල්ලු කර්මාන්ත, අධ්‍යාපන, සංචාරක ඇතුළු ක්ෂේත්‍රවල සහයෝගතා තවදුරටත් පුළුල් කළ යුතු බවද චීන අගමැතිවරයා පැවසීය.
ගෝලීය සංවර්ධ මුලපිරුම,ගෝලීය ආරක්ෂක මුලපිරුම,ගෝලීය ශිෂ්ඨාචාර මුලපිරුම සක්‍රීය ලෙස ක්‍රියාත්මක කිරීමට ෆීජි ඇතුළු සෙසු දූපත් රාජ්‍යන් සමග ක්‍රියා කරන බවද චීන අගමැතිවරයා පැවසීය.
එහිදී අදහස් දැක්වූ ෆීජි අගමැතිවරයා තම රට සැමවිටම චීනය විශ්වසනීය හවුල්කරුවෙකු ලෙසට සලකන බවත් එකම චීනය ප්‍රතිපත්තියෙහි දැඩිව එල්බ සිටින බවත් පැවසීය. “එක් තීරයක් එක් මාවතක් ” ඇතුළු සෙසු මුලපිරීම් වෙනුවෙන් සහයෝගය පළ කරන බවද ෆීජි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.