චීන-ඇමරිකා මූල්‍ය ක්‍රියාකාරී කණ්ඩායම සිය පස්වැනි රැස්වීම පවත්වයි. එය ඉකුත් 15, 16 දෙදින චීනයේ ශැංහයි නගරයේ දී පැවැත්විණ. චීන මහජන බැංකුවේ උපඅධිපති Xuan Changneng සහ ඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම්වරයා යන මහත්වරුන්ගේ සම-ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණ.
දෙරට ආර්ථික හා මූල්‍ය තත්ත්වය, මූල්‍ය ප්‍රතිපත්ති, මූල්‍ය ස්ථාවරත්වය සහ අධීක්ෂණය, ත්‍රස්ත විරෝධී මූල්‍යකරණය සහ දෙපාර්ශ්වයේම අවධානයට ලක්වන සෙසු මූල්‍ය ප්‍රතිපත්ති ගැටලු කෙරෙහි මෙහිදී අවධානය යොමුවිය. වෘත්තීයමය වශයෙන් සහ අවංක සන්නිවේදනයකින් එය පැවැත්වීම විශේෂත්වයකි. දෙපාර්ශ්වය මෙම රැස්වීමේ දී තාක්ෂණික විශේෂඥ කණ්ඩායමේ වාර්තාවට සවන් දී ඇති අතර, චීන-ඇමරිකා මූල්‍ය ක්‍රියාකාරී කණ්ඩායමේ රාමුව යටතේ මූල්‍ය ආයතනවල පළමු වටමේස රැස්වීම ද පවත්වා ඇත.
රැස්වීමට සහභාගි වූ චීන සහ ඇමරිකානු මූල්‍ය ආයතන තිරසර මූල්‍යකරණය කෙරෙහි අවධානය යොමුකළේය. සිය අත්දැකීම් සහ භාවිතයන් බෙදාහදා ගත් ඔවුහු විභව සහයෝගිතා අවස්ථා පිළිබඳව ද මෙහිදී අදහස් හුවමාරු කර ගත්හ.
රැස්වීම අතරතුර, චීන-ඇමරිකා මූල්‍ය ක්‍රියාකාරී කණ්ඩායමේ රාමුව යටතේ දෙරට අතර මූල්‍ය ස්ථායිතා සහයෝගිතාව ශක්තිමත් කිරීම පිළිබඳ ගිවිසුමකට අත්සන් තැබිණ. ඒ, චීන මහජන බැංකුව සහ ඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව අතර යි.
දෙපාර්ශ්වය එහිදී මූල්‍ය ස්ථායිතාව සම්බන්ධ පුද්ගල ලැයිස්තු හුවමාරු කර ගත් අතර නිසි සන්නිවේදනයක් පවත්වා ගැනීමට ද එකඟතාව පළ විය.