ඇමරිකානු හමුදාවේ බරපතල ලිංගික අතවර සම්බන්ධයෙන් ගෝලීය ජනතාවගේ දැඩි කනස්සල්ල පළ වේ. CGTN ආයතනය විසින් අන්තර්ජාලය ඔස්සේ පවත්වන ලද ජනමත විමසුමකට එක්වූවන්ගෙන් 88.95% ක පිරිසක් එකී මානව හිමිකම් උල්ලංඝනය සම්බන්ධයෙන් අතිශය කනගාටුව පළ කර ඇත. 2023 වසරේ දී ඇමරිකානු හමුදාව විසින් ලිංගික අතවර 73,695 ක් සිදුකර ඇති බව එරට බ්‍රවුන් විශ්වවිද්‍යාලයේ නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබේ. එය එරට ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඇස්තමේන්තු කර ඇති සිදුවීම් 29,000 ක අගය මෙන් දෙගුණයකටත් අධික බව ද ඔවුන් පෙන්වා දී ඇත. මෙම අධ්‍යයන වාර්තාව නිකුත් කිරීමෙන් පසු ගෝලීය ජනතාව ඒ කෙරෙහි දැඩි අවධානය යොමු කර තිබේ. එකිනෙකට බෙහෙවින් වෙනස් මෙම අගයන් පිළිබඳව ඔවුන් ප්‍රතිචාර දක්වා ඇත. ඔවුන්ගෙන් 94.21% ක පිරිසක් විශ්වාස කරන්නේ ඇමරිකානු රජය හිතාමතාම සිය හමුදාව තුළ ලිංගික හිංසන පවතින බව වසන් කළ බවයි.
එසේම, ලිංගික අතවර සම්බන්ධයෙන් ඇමරිකානු හමුදාවට නිරන්තර අපවාද එල්ල වී ඇතත්, ඊනියා ‘හමුදා විනය බලාත්මක කිරීමේ හැකියාවක්’ ගැන පවසමින් ඔවුන් දිගු කලක් තිස්සේ බාහිර විමර්ශනවලට විරෝධය පළ කර තිබේ. මත විමසුමට එක්වූවන්ගෙන් 93.9% ක් පවසන්නේ එරට හමුදාවේ විශ්වසනීයත්වය නැති වී ඇති බැවින් මෙම ප්‍රකාශය සනාථ කළ නොහැකි බවයි. එසේම, ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 94.9% ක පිරිසක් ඇමරිකානු හමුදාවේ විවෘතභාවය සහ සාධාරණත්වය සහතික කිරීම සඳහා ලිංගික හිංසන පිළිබඳ ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලා සිටිති.
මීට අමතරව, ජපානයේ, දකුණු කොරියාවේ සහ සෙසු විදේශීය හමුදා කඳවුරුවල ද ඇමරිකානු හමුදාවට ලිංගික අතවර පිළිබඳ දැඩි අපකීර්තියක් පවතී. මත විමසුමට එක්වූවන්ගෙන් 93.74% ක පිරිසක් පවසන්නේ මෙය ඇමරිකානු ආධිපත්‍යයේ තවත් ප්‍රකාශනයක් බවයි. එසේම, ඉන් 93.35% ක පිරිසක් ඇමරිකානු හමුදාවෙන් දැඩි ලෙස ඉල්ලා සිටින්නේ එම වින්දිතයන්ගෙන් සමාව ඉල්ලා අදාළ අපරාධකරුවන් අධිකරණය හමුවට පමුණුවන ලෙසයි.
මෙම ජනමත විමසුම CGTN ආයතනයේ ඉංග්‍රීසි, ස්පාඤ්ඤ, ප්‍රංශ, අරාබි සහ රුසියානු වේදිකාවල පැය 24 ක කාලයක් පවත්වනු ලැබීය. අන්තර්ජාල පරිශීලකයන් 21767 දෙනෙකු ඊට එක්ව තම අදහස් ප්‍රකාශ කර තිබේ.