චීන හා වියට්නාම ජනාධිපති ආර්යාවන් තේ පැන් සංග්‍රහයක
2024-08-19 18:22:46
Share with:

චීන ජනාධිපති ආර්යා Peng Liyuan මහත්මිය සහ වියට්නාම ජනාධිපති ආර්යා Ngo Thi Phuong Ly මහත්මිය තේ පැන් සංග්‍රහයකට එක්වෙති. බෙයිජිං අගනුවර මහජන මහා ශාලාවේදී අද (19) එය පැවැත්විණ.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සමග තමා සහභාගි වූ වියට්නාම සංචාරය Peng Liyuan මහත්මිය එහිදී සිහිපත් කළාය. මිත්‍රශීලි අසල්වැසි රටවල් වන චීනය හා වියට්නාමය අතර සාහිත්‍ය, කලා සහ ආහාර සංස්කෘතිය ඇතුළු බොහෝ ක්ෂේත්‍රවල සම්බන්ධතා පවතින බව ද ඇය කියා සිටියාය. දෙපාර්ශ්වයේ හුවමාරු, සහයෝගිතා හා අන්‍යෝන්‍ය අවබෝධය ශක්තිමත් කිරීම තම අපේක්ෂාව බව ද  Peng Liyuan මහත්මිය පැවසුවාය.

ජනාධිපති ආර්යාවන් දෙපළ චීන නාට්‍ය, නර්තන හා ජන සංගීතාංග ඇතුළත් ප්‍රසංගයක් ද නැරඹූහ. එම අවස්ථාවට ඇරයුම් කිරීම සම්බන්ධයෙන් ස්තුතිය පළ කළ Ngo Thi Phuong Ly මහත්මිය එහිදී පැවසුවේ පොහොසත් අන්තර්ගතයන්ගෙන් සමන්විත චීන සංස්කෘතිය කෙරෙහි තමා දැඩි ඇල්මක් දක්වන බවයි.

දෙරට සංස්කෘතික හුවමාරු සහ අධ්‍යයන අඛණ්ඩව ප්‍රවර්ධනය කිරීම Ngo Thi Phuong Ly මහත්මියගේ අපේක්ෂාවයි. කාන්තා හුවමාරු සහ තරුණ හුවමාරු වැඩසටහන් මෙන්ම අන්‍යෝන්‍ය අවබෝධය තහවුරු කිරීම මගින් දෙරට ජනතාව අතර මිතුදම ශක්තිමත් කළ යුතු බව ද ඇය කියාසිටියාය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම