චීන මුහුදු සීමාවන්‍ට අනවසරයෙන් ඇතුළු වූ පිලිපීන නෞකා දෙකක් පළවා හැරේ
2024-08-19 09:16:11
Share with:

අංක 4410 සහ 4411 දරන පිලිපීන වෙරළාරක්ෂක නෞකා අද (19) චීන රජයේ අවසරයකින් තොරව චීනයේ Nansha දූපත් වල Xianbin ගල්පරය ආශ්‍රිත මුහුදු ප්‍රදේශයට නීති විරෝධී ලෙස ඇතුළු විය. චීන වෙරළාරක්ෂක බලකාය නීත්‍යනුකූලව පිලිපීන නැව්වලට එරෙහිව පාලන පියවර ගෙන ඇති බව චීන වෙරළාරක්ෂක බලකායේ ප්‍රකාශක Gan Yu මහතා පැවසීය.

පිලිපීන නෞකා චීනයේ නැවත නැවතත් බරපතල අනතුරු ඇඟවීම් නොතකා අවිධිමත් සහ අනතුරුදායක ආකාරයකින්, එම මුහුදු ප්‍රදේශයේ අයිතීන් හා නීතිය ක්‍රියාත්මක කරන චීන නැව් සමඟ ගැටී තිබේ. එහි වගකීම සම්පූර්ණයෙන්ම පිලිපීනය සතුය. චීන වෙරළාරක්ෂක බළකාය, නීත්‍යනුකූලව චීනයට අයත් මුහුදු ප්‍රදේශයේ සමුද්‍රීය අයිතිවාසිකම් ආරක්ෂා කොට නීතිය ක්‍රියාත්මක කිරීම අඛණ්ඩව සිදු කරන අතර රටේ භෞමික ස්වෛරීභාවය අධිෂ්ඨානශීලීව ආරක්ෂා කරනු ඇති බව Gan Yu මහතා පැවසීය.

ගුවන් විදුලිය
20241120බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම