Zaporizhzhia න්‍යෂ්ටික බලාගාරයේ ආරක්ෂාවට තර්ජනයක්
2024-08-18 15:52:22
Share with:

Zaporizhzhia න්‍යෂ්ටික බලාගාරයේ ආරක්ෂක තත්ත්වය තර්ජනයට ලක්ව ඇති බව ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය පවසයි.

Zaporizhzhia න්‍යෂ්ටික බලාගාරයෙන් පිටත මාර්ගයකට ඊයේ (17) ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල විය. එහිදී එහි සේවකයන්ට හා උපකරණවලට ඉන් කිසිදු හානියක් සිදු නොවුවත්, එම න්‍යෂ්ටික බලාගාරයේ ආරක්ෂක තත්ත්වයට එය තර්ජනයක් බව ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය ප්‍රකාශ කළේය.

එම ප්‍රහාරය පිළිබඳව එම ඒජන්සියේ අධ්‍යක්ෂ ජනරාල් Rafael Grossi මහතා දැඩි කනස්සල්ල පළ කර ඇත. මෙවැනි සිද්ධි හේතුවෙන් Zaporizhzhia න්‍යෂ්ටික බලාගාරය මුහුණ දෙන න්‍යෂ්ටික ආරක්ෂක අවදානම් තවදුරටත් උත්සන්න වී ඇති බව ද හෙතෙම කියා සිටියේය. එම න්‍යෂ්ටික බලාගාරය ආරක්ෂා කිරීමට සම්බන්ධ මූලධර්මයන් දැඩි ලෙස පිළිපදින ලෙසත්, උපරිම සංයමයකින් කටයුතු කරන ලෙසත් ඔහු යළි සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී.

ගුවන් විදුලිය
20241120බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම