ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි 519 ක්
2024-08-18 16:23:17
Share with:
2024 ජනාධිපතිවරණයට අදාළ ඊයේ(17) දිනය වනවිට පැමිණිලි 519 ක් ලැබී ඇති බව පවසයි.
පසුගිය ජූලි මස 31 වනදා සිට මෙම පැමිණිලි ලැබී තිබේ. මේ අතර මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධ පැමිණිලි 503 ක් යොමුව ඇත. එමෙන්ම ප්රචණ්ඩ ක්රියා සම්බන්ධයෙන් පැමිණිලි 01ක් ද වෙනත් පැමිණිලි සම්බන්ධයෙන් පැමිණිලි 15ක් ද ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.