Lancang-Mekong කලාපීය සහයෝගිතා පිළිබඳ 9වැනි විදේශ ඇමතිවරුන්ගේ සමුළුව තායිලන්තයේ චියැං මායි නුවරදී
2024-08-17 17:37:39
Share with:

Lancang-Mekong කලාපීය සහයෝගිතා පිළිබඳ 9වැනි විදේශ ඇමතිවරුන්ගේ සමුළුව ඊයේ(16) තායිලන්තයේ චියැං මායි නගරයේදී පැවැත්විණ. චීන විදේශ ඇමති වං යී මහතා එම සමුළුවේ මුලසුන දරමින් එම කලාපයේ ඉදිරි අදියරේ සහයෝගිතා සම්බන්ධයෙන් සිව් වැදෑරුම් යෝජනාව ඉදිරිපත් කළේය.

සාමය සහ ස්ථාවරත්වය කෙරෙහි අවධානය යොමු කර පොදු දැක්මට අනුගත වීම, නවෝත්පාදනයන් මගින් බුද්ධි පරතරය පියවීම, ඒකාබද්ධ සංවර්ධනය ඉදිරිය‍ට මෙහෙයවා වර්ධනයේ චාලක ශක්තිය වැඩි දියුණු කිරීම සහ, පුද්ගලයින් අතර බැඳීම් ශක්තිමත් කිරීම සඳහා Lancang-Mekong කලාපීය සංස්කෘතිය සංවර්ධනය කිරීම ඊට ඇතුළත් වේ.

Lancang-Mekong කලාපීය සහයෝගිතා අත්පත් කර ගත් ධනාත්මක ප්‍රගතිය සම්බන්ධයෙන් එම සමුළුවට සහභාගි වූ විවිධ පාර්ශ්වයන් ඉතා ඉහළින් අගය කර ඇත. Lancang-Mekong සහයෝගිතා, එම කලාපයේ වඩාත්ම ඵලදායී හා ගතික යාන්ත්‍රණය බවට පත්ව ඇතැයි ඔවුහු විශ්වාස කළහ. අදාළ විවිධ රටවල ජනතාවට සුබ සෙත සැලසීම අරමුණු කොට, චීනය එම යාන්ත්‍රණය සම්බන්ධ විශේෂ අරමුදලක් හරහා ප්‍රායෝගික සහයෝගිතා ව්‍යාපෘති රැසකට සහාය දැක්වීම විවිධ පාර්ශ්වයන්ගේ පැසසුමට ලක් ව තිබේ.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම