චීනය, ලාඕසය, මියන්මාරය, තායිලන්තය දේශසීමා අපරාධ මැඩලීමේ ඒකාබද්ධ උත්සාහයන් වේගවත් කිරීමට එකඟත්වය පළ කරයි
2024-08-17 15:18:04
Share with:

චීනය, ලාඕසය, මියන්මාරය සහ තායිලන්තයේ විදේශ අමාත්‍යවරු තායිලන්තයේ චියං මායි හි ඊයේ(16) පැවති 9වන නොනිල හමුවේදී දේශසීමා අපරාධ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වූහ.

ආරක්ෂාව සියලු රටවල්වල සංවර්ධනයේ පූර්ව අවශ්‍යතාව සහ පදනම බව චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා එහිදී ප්‍රකාශ කළේය.

චීනයේ යෝජනාවක් වන ගෝලීය ආරක්ෂක මුලපිරීම සඳහා ලාඕසය, මියන්මාරය සහ තායිලන්තය ඇතුළු රටවලින් ධනාත්මක ප්‍රතිචාර ලැබී තිබේ. ස්වෛරීභාවය සඳහා අන්‍යෝන්‍ය ගෞරවය මත, රටවල් හතර එක්ව දේශසීමා අපරාධවලට එරෙහිව සටන් කිරීමට ක්‍රියාකාරකම් මාලාවක් ආරම්භ කර ඇත. එය හේතුකොට පසුගිය වසරේ සිට සූදුවට සහ වංචාවලට සම්බන්ධ පුද්ගලයින් 50000කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගැණින.

ගෝලීය ආරක්ෂක මුලපිරීම මාර්ගෝපදේශයක් ලෙස ගනිමින් දේශසීමා අපරාධ මැඩලීමට සහ ඔවුන්ගේ මව්බිමේ සාමකාමී බව සුරැකීමට ඒකාබද්ධ ප්‍රයත්නයන් ඉහළ නැංවීම සඳහා අනෙකුත් රටවල් සමග කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටී.

දේශසීමා පාලන ජාල දැඩි කිරීම, ඒ ඒ රටවල දේශසීමා ආරක්ෂා කිරීම, වැදගත් වරායන් පාලනය කිරීම සහ අයහපත් චේතනා සහිත පුද්ගලයන්ගේ නීති විරෝධී දේශසීමා තරණය කිරීමේ මාර්ග සම්පූර්ණයෙන් අවහිර කරන ලෙස ඔහු ඉල්ලා සිටියේය.

බුද්ධි තොරතුරු සුමටව හුවමාරු කර ගැනිමට පහසුකම් සලසා දේශසීමා හරහා පලා ගිය නීති විරෝධී පුද්ගලයින් නැවත ගෙන්වා නීතිය හමුවට පැමිණවීම සඳහා ඒකාබද්ධ මෙහෙයුම් අඛණ්ඩව දියත් කිරීමත් සිදු කළ යුතුය.

Lancang-Mekong කලාපයේ නීතිය ක්‍රියාත්මක කිරීම සහ ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ අමාත්‍ය රැස්වීමක් ඉක්මනින් කැඳවන ලෙසත්, "Lancang-Mekong කලාපයේ ආරක්ෂාව" ක්‍රියාත්මක කිරීමටත්, සෑම පැත්තකින්ම සම්පත් බලමුලු ගැන්වීමටත්, මානව සම්පත්, බුද්ධි අංශ ඒකාබද්ධ කිරීමේත් අවශ්‍යතාව වැන්ග් යී මහතා අවධාරණය කළේය.

කලාපයේ සාමය සහ සන්සුන් භාවය ඒකාබද්ධව ආරක්ෂා කිරීම සඳහා සහයෝගීතාව ශක්තිමත් කිරීමට සහ සමීප සම්බන්ධීකරණයක් පවත්වා ගැනීමටත්, අන්තර්ජාල සූදුව සහ විදුලි සන්නිවේදන වංචා, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ මිනිස් ජාවාරම් වැනි දේශසීමා අපරාධවලට එරෙහිව සටන් කිරීමේ උත්සාහයන් තීව්‍ර කිරීමටත් පාර්ශව හතර එහිදී එකඟ වූහ.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම