චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ විශේෂ නියෝජිත, කාර්මික හා තොරතුරු අමාත්‍ය ජින් චුවන්ග් ලොන්ග් මහතා ඩොමිනිකන් ජනාධිපති Luis Rodolfo Abinader මහතාගේ නව ජනපති ධුර කාලය ආරම්භ වීමේ උළෙලට එක් වෙයි. එම උළෙල ඊයේ (16) සැන්ටෝ ඩොමිංගෝ නගරයේදී පැවැත්විණ.
පසුගිය 15 වැනිදා Luis Rodolfo Abinader මහතා සහ ජින් චුවන්ග් ලොන්ග් මහතා ජනාධිපති මන්දිරයේදී හමුවක් පැවැත්වූහ.
ඩොමිනිකන් ජනරජයේ ජනාධිපති ලෙස නැවත තේරී පත්වීම පිළිබඳව ෂී ජින් පිං ජනාධිපතිවරයාගේ සුහද සුබ පැතුම් ජින් චුවන්ග් ලොන්ග් මහතා එම හමුවේදී ප්‍රකාශ කළේය.
ප්‍රායෝගික සහයෝගීතා මට්ටම ඉහළ නැංවීමට සහ දෙරට සබඳතාවේ වඩා වැඩි ජයග්‍රහණ අත්කර ගැනීමට ඩොමිනිකන් ජනරජය සමඟ කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ද ඔහු එහිදී පැවසීය.
චීනය සමඟ සබඳතාව ඩොමිනිකාවට විශේෂ වැදගත්කමක් ඇති බවත්, විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාව තවදුරටත් ගැඹුරු කරමින් ද්විපාර්ශ්වික සබඳතාවේ වඩා විශාල වර්ධනයක් සාක්ෂාත් කරගැනීම ප්‍රවර්ධනය කිරීමට අපේක්ෂා කරන බවත් Luis Rodolfo Abinader මහතා එම හමුවේදී පෙන්වා දුන්නේය.