වඳුරු උණ වැළැක්වීමේ එන්නත් නිෂ්පාදනය වැඩි කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලයි.
එම සංවිධානය ඊයේ(16) එන්නත් නිෂ්පාදකයන්ගෙන් ඉල්ලා සිටියේ එහි නිෂ්පාදන ප්‍රමාණය වැඩි කරන ලෙසයි. ඒ, වඳුරු උණ රෝගයට අයත් වෙනත් වඩාත් අනතුරුදායක ප්‍රභේදයක් පැතිර යාම වැළැක්වීම සඳහා ය. එසේ ම, වඳුරු උණ රෝගය පැතිරීමේ මට්ටම යුරෝපා රෝග වැළැක්වීම හා පාලන මධ්‍යස්ථානය ඊයේ ඉහළ නංවා තිබේ.
මේ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය වඳුරු උණ වසංගතයට ගොදුරු වූ රටවල් සඳහා අදාළ එන්නත් පරිත්‍යාග කරන ලෙස එම වඳුරු උණ පාලන එන්නත් හිමි රටවලින් ඉල්ලීමක් කළ බව ප්‍රංශයේ AFP ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි. වඳුරු උණ වසංගතය ‘ලෝක මහජන හදිසි සෞඛ්‍ය තත්ත්වයක්’ ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Tedros Adhanom Ghebreyesus මහතා පසුගිය 14 වැනිදා ප්‍රකාශයට පත් කළේය.