අලි ගහනය පිළිබඳ දීප ව්‍යාප්ත සමීක්ෂණය ඇරඹේ
2024-08-17 17:19:49
Share with:

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සැලසුම් කළ, අලි ගහනය පිළිබඳ දීප ව්‍යාප්ත සමීක්ෂණය අද(17) ආරම්භ විය. 18 සහ 19 දෙදින තුළදී ද මෙම සමීක්ෂණය සිදු කෙරේ. රට පුරා ස්ථාපිත සමීක්ෂණ මධ්‍යස්ථාන 3130 කදී මෙම අලි ඇතුන් නිරීක්ෂණය කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු සැලසුම් කර ඇත.

දීප ව්‍යාප්ත අලි ගහන සමීක්ෂණය අවසන් වරට පවත්වා ඇත්තේ 2011 වසරේදී ය. එම සමීක්ෂණයේදී මෙරට අලි ගහනයේ අවමය සතුන් 5879ක් ලෙසත් එම ගහනයේ 55.09% ක් වැඩිහිටි අලින් ද 25.03% ක් තරුණ වයසේ පසුවූ අලින් ද 12.04% ක් පැටවුන් ද 6.04% ක් ළදරු අවස්ථාවේ පසු වූ බව ද වාර්තා වී ඇත.

ගුවන් විදුලිය
20241030බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම