ගිය මාස හතට සුරාබදු ආදායම රුපියල් බිලියන 122ක්
2024-08-17 17:20:49
Share with:

සුරාබදු දෙපාර්තමේන්තුව පසුගිය ජනවාරි මස සිට මේ දක්වා මාස හතක කාලය තුළ රුපියල් බිලියන 122ක ආදායමක් උපයා ඇතැයි සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා පවසයි.

2024 වසර තුළ රජයේ ආදායම් ඉලක්කය රුපියල් බිලියන 230කි. සුරාබදු බලපත්‍ර ලබා දීම දෛනිකව සිදු කරන රාජකාරිමය ක්‍රියාවක් වන අතර එය විනිවිදභාවයකින් සිදු කෙරේ. කිසිදු ලෙසකින් ජනාධිපතිවරණය හෝ වෙනත් දේශපාලන අරමුණකින් එය සිදු නොවන බව ඔහු සඳහන් කළේය.

නව සුරාබදු බලපත්‍ර නිකුත් කිරිම දේශපාලනමය අරමුණක් ඇතිව සිදු කරන බවට කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවත් මෙම කාලයේ නව බලපත්‍ර නිකුත් කිරීමෙන් පමණක් රුපියල් මිලියන 1500කට වැඩි මුදලක් උපයා ඇති බවත් ‍හෙතෙම කියා සිටී.

පසුගිය වසර දෙකක කාලයක සිට රජය විසින් මුහුණ දෙන ආර්ථික අර්බුද ඇතුළු වෙනත් හේතු මත රජය සුරාබදු බලපත්‍ර දීමෙන් රජයේ ආදායම වැඩි කර ගැනීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇත.

ගුවන් විදුලිය
20241030බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම