පිලිපීන යාත්‍රා චීනයට අයත් Sabina Shoal ගල්පර ආශ්‍රිත ව නීති විරෝධීව රැඳී සිටීම සම්බන්ධයෙන් චීනයේ දැඩි විරෝධය
2024-08-17 15:57:25
Share with:
පිලිපීන යාත්‍රා චීනයට අයත් Sabina Shoal ගල්පර ආශ්‍රිත ව නීති විරෝධීව රැඳී සිටීම සම්බන්ධයෙන් චීනය දැඩි විරෝධය පළ කරයි.
Sabina Shoal ගල්පර චීනයේ Nansha දූපත්වල කොටසක් බවත්, පිලිපීනයේ එම ක්‍රියාව චීන ස්වෛරීත්වය තරයේ උල්ලංඝණය කර දකුණු චීන මුහුදේ ස්ථාවරත්වයට බරපතල තර්ජනයක් ඇති කරන බවත් චීන විදේශ අමාත්‍යංශය ඊයේ (16) ප්‍රකාශ කළේය.
ඒ පිළිබඳව චීනය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් පිලිපීනයට දැඩි විරෝධය පළ කර ඇත. එම ක්‍රියාවලිය වහාම නතර කර අදාළ යාත්‍රා හැකි ඉක්මණින් ඉවත් කරන ලෙස චීනය පිලිපීනයෙන් ඉල්ලීමක් කර ඇති බව චීන විදේශ අමාත්‍යංශය පවසයි.