ලොවට දීප්තිමත් සහ තිරසර අනාගතයක් හිමි කර දීමට චීනය ගන්නා උත්සාහය අගය කරන බව සීෂෙල්ස් ජනපති පවසයි
2024-08-17 17:34:55
Share with:

“එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ පොදුවේ ඒකාබද්ධව ගොඩනැගීමෙන් දීප්තිමත් හා තිරසර අනාගතයක් හිමි වන බව සීෂෙල්ස් ජනාධිපති Wavel Ramkalawan මහතා පවසයි.

Wavel Ramkalawan මහතා මේ අදහස් පළකළේ පසුගියදා චීන මාධ්‍ය සමූහය සමඟ පැවැත්වූ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

සීෂෙල්ස් රාජ්‍යය, අප්‍රිකාවේ හා බටහිර ඉන්දියන් සාගර කලාපයේ චීනයේ වැදගත් හවුල්කරුවෙකි. දෙරට රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමෙන් පසු වසර 48 තුළ ප්‍රායෝගික සහයෝගිතා ප්‍රතිඵල රැසක් අත්පත් කර ගත් අතර ජීවනෝපාය ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කොට ප්‍රාදේශීය සංවර්ධනය ප්‍රවර්ධනය කර තිබෙන බව Ramkalawan මහතා එහිදී පැවසීය. චීනය තම රටට සහයෝගය ලබා දුන්නේ පැවති ආර්ථික තත්ත්වය මත නොව මිත්‍රත්වය හේතුවෙන් බව හෙතෙම අවධාරණය කළේය.

දැවැන්ත රටක් වන චීනය, ලෝකයටම නායකත්වය ලබා දෙයි. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඉදිරිපත් කළ ගෝලීය සංවර්ධන මුලපිරුම, ගෝලීය ආරක්ෂක මුලපිරුම සහ ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුම ලොව අවශ්‍යතාවන්ට අනුකූල වන බව Ramkalawan මහතා පෙන්වා දී තිබේ. ෂී ජින් පිං මහතා දූරදර්ශී මෙන්ම සංහිඳියාව වෙනුවෙන් පෙනී සිටින නායකයෙක් බව ඔහු සඳහන් කළේය.

එළඹෙන සැප්තැම්බර් මාසයේදී බෙයිජිංහි පැවැත්වීමට නියමිත චීන-අප්‍රිකා සහයෝගීතා සංසදයට සහභාගී වීම සඳහා Ramkalawan මහතා සිය අපේක්ෂාව පළ කළේය. එම සංසදය චීනයටත් අප්‍රිකාවටත් වැදගත් වේදිකාවක් බව ඔහු පැවසීය. එමගින් චීනය සමඟ ද්විපාර්ශ්වික සහයෝගිතා සබඳතා වඩා ශක්තිමත් කරමින් වඩා හුවමාරු අවස්ථා නිර්මාණය කිරීමට තමා බලා‍පොරොත්තු වන බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

ගුවන් විදුලිය
20241015අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම