Paetongtarn Shinawatra තායිලන්ත නව අගමැතිනිය ලෙස තේරී පත් වේ
2024-08-16 14:47:52
Share with:

තායිලන්තයේ මහජන මන්ත්‍රී මණ්ඩලය අද(16) ඡන්ද විමසීමකින් Puea Thai පක්ෂයේ ප්‍රධානී Paetongtarn Shinawatra මහත්මිය තායිලන්ත නව අගමැතිනිය ලෙස තෝරා පත් කර ගෙන ඇත.

37 හැවිරිදි Paetongtarn තායිලන්තයේ හිටපු අගමැති Thaksin Shinawatra මහතාගේ බාල දියණියයි. ඇය තායිලන්ත ඉතිහාසයේ දෙවැනි කාන්තා අගමැතිනිය වන අතර ලාබාලතම අගමැතිනිය වීම ද විශේෂත්වයකි.

තායිලන්ත වත්මන් අගමැති Srettha Thavisin ව්‍යවස්ථා විරෝධීව කටයුතු කළ බව පසුගිය 14 වැනිදා තායිලන්ත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය තීන්දු කළ අතර වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහු අගමැති ධුරයේ කටයුතු කිරීම අහෝසි කළේය.

නව අගමැතිවරයෙකු තෝරා පත් කර ගැනීම සඳහා විශේෂ රැස්වීමක් 16 වැනිදා පවත්වන බව තායිලන්ත පාර්ලිමේන්තුව පසුගිය 14 වැනිදා ප්‍රකාශ කළේය.

එමෙන්ම තායිලන්තයේ නව අගමැති අපේක්ෂකයා ලෙස ඒකමතිකව Pethonthan Chinawat නම් කරන බව තායිලන්ත පාලක සන්ධානය ඊයේ(15) මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම