විදේශ ආයෝජන සඳහා තවදුරටත් පහසුකම් සැලසීමට චීනයෙන් පියවර
2024-08-16 19:46:07
Share with:

විදේශ ආයෝජන සඳහා තවදුරටත් පහසුකම් සැලසීමට චීනය පියවර ගනී.

චීන වාණිජ අමාත්‍යංශයේ අදාළ අංශයේ ප්‍රධානියෙකු අද(16) පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කර ඇත.

‘ලැයිස්තුගත සමාගම්වල ‍විදේශ ආයෝජකයන් සඳහා සිදු කරන උපායමාර්ගික ආයෝජන පිළිබඳ කළමනාකරණ චක්‍රලේඛනය’ සංශෝධනය කර නිකුත් කරනු ඇති බව ද ඔහු කියා සිටියේය. එමගින් ඒ සම්බන්ධයෙන් පනවා ඇති සීමා තවදුරටත් ලිහිල් කිරීමට අපේක්ෂා කෙරේ.

එසේ ම, ‘විදේශ ආයෝජකයන් දිරිගැන්වීමේ කර්මාන්ත නාමාවලිය’ සංශෝධනය කිරීමට ද සූදානම් බව චීන වාණිජ අමාත්‍යංශය ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම