ගාසා තීරයේ මානුෂීය අර්බුදය තවදුරටත් උග්‍ර අතට
2024-08-16 10:22:26
Share with:

පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී පලස්තීන-ඊශ්‍රායල් ගැටුමේ නව වටයක් ආරම්භවීමෙන් පසු ගාසා තීරයේ ඊශ්‍රායල හමුදා මෙහෙයුම් හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 40,005 කි. තුවාල ලැබූ සංඛ්‍යාව 92,401 කි. ගාසා තීරයේ පලස්තීන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඊයේ (15) නිවේදනයක් නිකුත් කරමින් මෙම තොරතුරු හෙළි කළේය.

යුද ගිනිදැල් මධ්‍යයේ ගාසා තීරයේ මානුෂීය ව්‍යසනය තවදුරටත් තීව්‍ර වෙමින් පවතී. එක්සත් ජාතීන්ගේ දත්තයන්ට අනුව අගෝස්තු 12වැනිදා වන විට ගාසා තීරයෙන් 84% කට ආසන්න ප්‍රදේශයකින් ජනතාව ඉවත් කිරීමේ ඊශ්‍රායල හමුදා නියෝගයන් යටතේ පවතින බවයි. දැනට ගාසා තීරයේ පුද්ගලයන් 10 දෙනෙකුගෙන් 9 දෙනෙකුම අභ්‍යන්තරව අවතැන්ව සිටිති. ජූලි මාසයේදී, ගාසා තීරයේ ඒක පුද්ගල ජල සැපයුම සහ පරිභෝජනය දිනකට ලීටර් 2 සිට 9 දක්වා වූ අතර,එය  දිනක ලීටර් 15ක හදිසි මානුෂීය ප්‍රමිතියට වඩා බෙහෙවින් අඩු මට්ටමකි.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම