IMF එකඟතාවලින් පසු කඩිනමින් බදු ගෙවන ජනතාවට සහන
2024-08-16 15:10:33
Share with:

IMF එකඟතා ලැබුණු වහාම බදු ගෙවන ජනතාවට සහන ලබාදීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. පසුගිය වසර දෙක තුළ ජනතාව විශාල ලෙස පීඩාවට පත්ව විවිධ කැපකිරීම් සිදුකළ බව ද හෙතෙම ප්‍රකාශ කළේය. එහෙයින් පළමු අවස්ථාවේදීම ජනතාවට සහනයක් ලබාදීම රජයේ මූලික අරමුණ වනු ඇත.

සමාජයේ පවතින පීඩනය හා අපහසුතා පිළිබඳ ජනාධිපතිවරයා හොඳ අවබෝධයකින් සිටින බව ද රංජිත් සියඹලාපිටිය මහතා කියාසිටී. රට වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කර ගත් එකඟතා ආරක්ෂා කරගෙන කඩිනමින් ජනතාවට සහන ලබාදීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍යවරයා  වැඩිදුරටත් පෙන්වා දී ඇත.

ගුවන් විදුලිය
20241120බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම