චීන විදේශ අමාත්‍ය වං යී මහතා ලාඕස නියෝජ්‍ය අග්‍රාමාත්‍ය හා විදේශ අමාත්‍ය Saleumxay Kommasith මහතා හමුවෙයි.එම හමුව ඊයේ (15) තායිලන්තයේ දී සිදුවිය.
කලාපීය කරුණු සම්බන්ධයෙන් ද්වීපාර්ශ්වික සබඳතා හා සහයෝගතා ශක්තිමත් කිරීම මෙන්ම මියන්මාරයේ තත්ත්වය සම්බන්ධයෙන් එහිදී අවධානය යොමු විය.චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජිකයෙකු ද වන වං යී මහතා එහිදී සඳහන් කළේ චීනය හා ලාඕසය සැමවිටම එකිනෙකාට හෘදයාංගමව උපකාර කරන බවයි. පක්ෂ දෙකේ හා දෙරටේ නායකයන් ගේ උපායමාර්ගික උපදේශනය යටතේ හවුල් අනාතගතයක් සහිත චීන ලාඕස ප්‍රජාවක් ගොඩ නැංවීම වේගවත් කර ඇති අතර ද්වීපාර්ශ්වික වෙළඳාම ද වර්ධනය වී තිබේ.චීන ලාඕස දුම්රිය ධාරිතාව අඛණ්ඩව ඉහළ මට්ටමකට පැමිණ තිබේ.දෙරටේ පුද්ගල හුවමාරුව ද වර්ධනය වී ඇති අතර ජාත්‍යන්තර හා කලාපීය කටයුතු වලදී දෙපාර්ශ්වය සමීප සම්බන්ධීකරණයෙන් ක්‍රියා කර ඇතැයි ද වං යී මහතා එහිදී සඳහන් කළේය.සිය ජාතික තත්ත්වයට ගැලපෙන පරිදි සංවර්ධන මාවතක් සොයා ගැනීමට චීනය ලාඕසයට ශක්තිමත් සහයෝගයක් ලබා දෙන බවද වං යී මහතා පැවසීය.ලාඕසය සමග අන්‍යෝන්‍ය වශයෙන් සහයෝගතා ප්‍රතිලාභයන් වර්ධනය කිරීමට චීනය කැමැත්තෙන් සිටින බවද හෙතෙම සඳහන් කළේය.
එහිදී අදහස් දැක්වූ ලාඕස නියෝජ්‍ය අග්‍රාමාත්‍ය හා විදේශ අමාත්‍ය Saleumxay Kommasith මහතා පැවසුවේ ලාඕසයේ සමාජ ආර්ථීක සංවර්ධනය සඳහා ලාඕස චීන සබඳතාවන්හී සීග්‍ර වර්ධනය තීරණාත්මක මෙහෙවරක් ඉටු කර ඇති බවයි.දෙරටේ නායකයන් එළඹි වැදගත් එකඟතාවන් ක්‍රියාවට නැංවීමට ඒකාබද්ධව ක්‍රියා කිරීමට ලාඕසය අපේක්ෂා කරන බවද හෙතෙම සඳහන් කළේය.
මියන්මාරයේ තත්ත්වය සම්බන්ධයෙන් ද දෙරටේ විදේශ අමාත්‍යවරු අදහස් හුවමාරු කර ගත්හ.මියන්මාරය ආසියාන් සංවිධානයේ වැදගත් සාමාජිකයෙකු වශයෙන් ආසියාන් සංවිධානය හා මියන්මාරය අතර සංනිවේදන හා සබඳතා වර්ධනයට චීනය සහාය වන බවද චීන විදේශ ඇමතිවරයා සදහන් කළේය.එහිදී අදහස් දැක්වූ මියන්මාර නියෝජ්‍ය අග්‍රමාත්‍යවරයා උතුරු මියන්මාරයේ සාම සාකච්ඡා ප්‍රවර්ධනයට හා දේශපාලන සංහිදියාව වෙනුවෙන් චීනය ඉටු කරන කාර්යභාරය ඉහළින් අගය කළේය.