චීන වෙළඳපොල වෙත විදේශ සමාගම්වල ආකර්ෂණය අඛණ්ඩව ඉහළට
2024-08-16 18:35:44
Share with:

චීන වෙළඳපොල වෙත විදේශ සමාගම්වල ආකර්ෂණය අඛණ්ඩව වර්ධනය  වී ඇත. ‍

චීනයේ ජූලි මස ජාතික ආර්ථික වර්ධන තත්ත්වය පිළිබඳ තොරතුරු ඊයේ (15) නිකුත් කෙරිණ.

ජීවමය බවින් පිරුණු චීන වෙළඳපොල පුළුල් සංවර්ධන අවකාශයක් සපයන බව Tesla සමාගමේ උප සභාපති Tao Lin මහත්මිය ඒ පිළිබඳ අදහස් දක්වමින් පවසා ඇත.  මෙම වසරේ දී ෂැංහයි හි චීන සහයෝගිතා නවෝත්පාදන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට යුරෝ මිලියන 20ක් ආයෝජනය කිරීමට අපේක්ෂා කරන බව ජර්මනියේ Bayer සමාගම ද සඳහන් කර ඇත.

විශේෂයෙන්ම මෙම වසරේ වත්මන් කාලපරිච්ඡේදය වනවිට විදේශ සමාගම් චීනයේ සිදු කරන ආයෝජනය අඛණ්ඩව වර්ධනය වෙමින් පවතී. චීන වෙළඳපොල වෙත ආකර්ෂණය ද අඛණ්ඩව ඉහළ යන බව අදාළ සමීක්ෂණයකට ලක් වූ විදේශීය සමාගම්වලින් 40% කට වඩා වැඩි ප්‍රමාණයක් විශ්වාස කරන බව චීන ජාත්‍යන්තර වෙළඳාම ප්‍රවර්ධනය කිරීමේ කවුන්සිලයේ නවතම වාර්තා පෙන්වා දෙයි.

මේ අයුරින් චීන වෙළෙඳපොළ කෙරෙහි විශ්වසනීය බවක් නිර්මාණය වී ඇත්තේ කෙසේ ද? චීනයේ ජූලි මස ජාතික ආර්ථික වර්ධන තත්ත්වය පිළිබඳ වාර්තාවෙන් මෙයට පිළිතුරු සොයාගත හැකිය. 2024 ජූලි මාසයේදී, චීනයේ ප්‍රධාන කාර්මික ව්‍යවසායන්හි එකතු කළ අගය පසුගිය වසරේ සමාන කාලයට සාපේක්ෂව 5.1% කින් ඉහළ ගොස් ඇත. එමෙන්ම සේවා කර්මාන්ත නිෂ්පාදන දර්ශකය පසුගිය ජුනි මාසයට සාපේක්ෂව 0.1% කින්  වර්ධනය වී ඇත. වඩා වැදගත් වන්නේ සංකීර්ණ ජාත්‍යන්තර තත්ත්වය හා පසුගිය කා‍ලයේ දේශීය ආන්තික කාලගුණික තත්ත්වය මධ්‍යයේ, චීනයේ ආර්ථික වර්ධනය තවමත් ස්ථාවර ප්‍රවණතාවක පැවතීමයි.

ඊට අමතරව, අඛණ්ඩව වැඩිදියුණු වෙමින් පවතින චීනයේ විශාල පාරිභෝගික වෙළඳපොල නව ආයෝජන සහ ව්‍යාපාරික අවස්ථා නිර්මාණය කරමින් සිටී. නවෝත්පාදනය යනු ව්‍යවසායන්හි තිරසර සංවර්ධනය සඳහා ප්‍රධාන ගාමක බලවේගයයි. මෙම ජූලි මස චීනයේ ආර්ථික වාර්තාවෙන් පිළිබිඹු ‍කරන්නේ චීනයේ නව නිෂ්පාදන බලවේග ආර්ථික වර්ධනය සඳහා නව එන්ජිමක් ලෙස විශාල දායකත්වයක් ලබා දී ඇති බවයි.

වැදගත් ප්‍රතිසංස්කරණ පියවර මාලාවක් ක්‍රියාත්මක කිරීමත් සමග, චීනය අඛණ්ඩ ආර්ථික ප්‍රකෘතියක් හිමි කර ගනිමින්, වාර්ෂික ආර්ථික හා සමාජීය අරමුණු ද සාක්ෂාත් කර, සමස්ත ලෝකය සමග එම සංවර්ධන අවස්ථා බෙදා ගනු ඇති බව පොදු විශ්වාසයයි.

ගුවන් විදුලිය
20241012සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම