යුක්රේන ජනපති හදිසි රැස්වීමක් කැඳවයි
2024-08-15 15:05:36
Share with:

රුසියාවේ Kursk ප්‍රාන්තයේ තත්ත්වය පිළිබඳව යුක්රේන ජනාධිපති Volodymyr Zelensky මහතා රැස්වීමක් කැඳවයි. රුසියාවේ Kursk ප්‍රාන්තයේ වර්ග කිලෝමීටර් 1097 ක භුමියක් අත්පත් කර ගත් බව යුක්රේන යුද හමුදාපතිවරයා ඊයේ (14) ප්‍රකාශ කළේ ය. ජනාධිපතිවරයාගේ  ප්‍රධානත්වයෙන් අදාළ රැස්වීම පැවැත්වුණේ ඉන් අනතුරුව යි.

Kursk ප්‍රාන්තයේ ආරක්ෂාව හා මානුෂවාදී සහනාධාර වැනි කරුණු පිළිබඳව එම රැස්වීමේදී සාකච්ඡා කළ බව Volodymyr Zelensky මහතා සිය සමාජ මාධ්‍ය ගිනුම ඔස්සේ කියාසිටියේ ය. අවශ්‍ය වුවහොත් Kursk ප්‍රාන්තයේ හමුදා අණදෙන මූලස්ථානයක් පිහිටුවීමට සූදානම් බව ද ඔහු පැවසීය.

යුක්රේනය රුසියාවේ Kursk ප්‍රාන්තයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන් ද්විපාර්ශ්වික සාම සාකච්ඡා දිගුකාලීනව ඇණහිටින තත්ත්වයකට පත්ව ඇතැයි රුසියානු විදේශ අමාත්‍යාංශය ඊයේ ප්‍රකාශ කර ඇත. පවතින නොසන්සුන්තාව හමුවේ Kursk ප්‍රාන්තයට යාබදව පිහිටි Belgorod Oblast ප්‍රාන්තයේද හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම