සර්බියානු ජනාධිපති Aleksandar Vučić මහතා සහ චීන රාජ්‍ය මණ්ඩල සාමාජිකා Shen Yiqin මහත්මිය අතර හමුවක්
2024-08-15 10:49:52
Share with:

සර්බියානු ජනාධිපති Aleksandar Vučić මහතා චීන රාජ්‍ය මණ්ඩල සාමාජිකා Shen Yiqin මහත්මිය හමු වෙයි. පසුගිය 12 සිට 14 දක්වා පැවති Shen Yiqin මහත්මියගේ සර්බියාවේ සංචාරයේදී එම හමුව සිදු විය. ඇය සර්බියානු අගමැති Miloš Vučević මහතා ද හමුවී ඇත.

පසුගිය මැයි මාසයේදී චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සිදු කළ සර්බියා සංචාරය දෙරටේ සබඳතාවේ වර්ධනීය අවස්ථාවක් බව Aleksandar Vučić මහතා එම හමුවේදී පැවසීය. චීනය සමඟ පුළුල් සහයෝගීතාව ගැඹුරු කිරීමට සර්බියාව කැමැත්තෙන් සිටින බව ද ඔහු පෙන්වා දුන්නේය. දෙරටේ නායකයින්ගේ එකඟතාව ක්‍රියාත්මක කරමින්, “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ සහයෝගීතාව සහ නව යුගයේ පොදු ඉරණමක් සහිත චීන-සර්බියානු ප්‍රජාවක් ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීමට එක්ව කටයුතු කරනු ඇතැයි ඔහු කීය.

ජනාධිපති ෂී ජින් පිං මහතා සහ අගමැති ලී ච්‍යං මහතාගේ සුහද සුබපැතුම් Shen Yiqin මහත්මිය එම අවස්ථාවේදී ප්‍රකාශ කළාය. දෙරටේ සබඳතාව චීනය වැදගත් කොට සලකන අතර, ද්විපාර්ශ්වික ආර්ථික, ක්‍රීඩා, සංචාරක, කාන්තා ව්‍යාපාර ක්ෂේත්‍රවල හුවමාරුව තවදුරටත් ගැඹුරු කරමින් දෙරට අතර ශක්තිමත් මිත්‍රත්වය තහවුරු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ඇය සඳහන් කළාය.

එම සංචාරය අතරතුර, Shen Yiqin මහත්මිය සර්බියාවේ ක්‍රීඩා ව්‍යාපාර පිළිබඳ අවබෝධයක් ලබා ගත් අතර, බෙල්ග්‍රේඩ් චීන සංස්කෘතික මධ්‍යස්ථානය සහ හංගේරියාව-සර්බියා දුම්රිය ව්‍යාපෘතිය පරීක්ෂා කර ඇත.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම