‘ප්‍රතිසංස්කරණය අංගසම්පූර්ණ ලෙස තහවුරු කරමින් චීන මාදිලියේ නවීකරණය ඉදිරියට ගෙන යාම පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණය’ සම්බන්ධව එහි මහලේකම්, ජනාධිපති ෂී ජින්පිං මහතාගේ විග්‍රහය පළ කෙරේ. හෙට(16) ප්‍රකාශයට පත් කෙරෙන ‘Qiushi’ සඟරාවේ 16 වැනි වෙළුම ඔස්සේ එය ඉදිරිපත් කෙරෙනු ඇත.
චීන කොමියුනිස්ට් පක්ෂයේ කේන්ද්‍රීය මෙහෙයුම් මත පදනම් ව ප්‍රතිසංස්කරණය සැලසුම් කිරීම මගින් කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ සිදු කර ඇති ප්‍රතිසංස්කරණය හා විවෘතභාවයේ සාර්ථකත්වය පිළිබිඹු කෙරෙන බව ෂී ජින්පිං මහතා සිය විග්‍රහයෙන් පෙන්වා දෙයි.
ඉදිරි වසර 5 පිළිබඳ වැඩි අවධානයක් යොමු කර ඇති එම තීරණයේ කැපී පෙනෙන කරුණු ද එහි දක්වා ඇත. ආර්ථික ක්‍රමවේද ප්‍රතිසංස්කරණයේ මඟපෙන්වීමේ කාර්යභාරයන් එමගින් අවධාරණය කෙරේ. පූර්ණ වශයෙන් නවෝත්පාදන යාන්ත්‍රණය ගොඩනැංවීම පිළිබඳ අවධානය යොමු කර ඇති එම තීරණය, පරිපූර්ණ ප්‍රතිසංස්කරණයට ද ඉහළ අවධානයක් යොමු කර තිබේ. එසේ ම, සැලසුම් සහගතභාවයෙන් යුතු සංවර්ධනය, ආරක්ෂාව, හා ප්‍රතිසංස්කරණයේදී චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය එම තීරණය මගින් පිළිබිඹු කර ඇති බව ද චීන ජනාධිපතිවරයා සිය ලිපියෙන් විග්‍රහ කර ඇත.a