වඳුරු උණ රෝගය ලෝක මහජන හදිසි සෞඛ්‍ය තත්ත්වයක් ලෙසට ප්‍රකාශයට පත් කෙරේ
2024-08-15 10:17:59
Share with:

ලෝක සෞඛ්‍ය සංවිධානය වඳුරු උණ රෝගය මහජන හදිසි සෞඛ්‍ය තත්ත්වයක් ලෙසට ප්‍රකාශයට පත් කරයි.රෝගය ජාත්‍යන්තර වශයෙන් පැතිරයාමේ අවදානමක් ඇතැයි ද එම සංවිධානය පෙන්වා දෙයි.එහි අධ්‍යක්ෂ ජනාරාල්වරයා පෙන්වා දුන්නේ හදිසි කමිටුව ලබා දුන් උපදෙස් අනුව ජාත්‍යන්තර අවධානයට ලක්විය යුතු හදිසි මහජන සෞඛ්‍ය සිද්ධියක් ලෙසට එය ප්‍රකාශයට පත් කරන බවයි.ජාත්‍යන්තර සෞඛ්‍ය නීතියට අනුව මහජන හදිසි සෞඛ්‍ය තත්ත්වයක් ලෙසට ප්‍රකාශයට පත් කිරීම ඉහළම මට්ටමේ අනතුරු ඇඟවීමකි.වඳුරු උණ‍ රෝගය අප්‍රිකාවේ හා ඉන් පිටතට පැතිරීමේ අවදානමක් ඇති බව හෙතෙම සඳහන් ‍කළේය.

මේ දක්වා වාර්තාවී ඇති වඳුරු උණ රෝගීන් සංඛ්‍යාව පසුගිය වසරේ සමස්ත සංඛ්‍යාව ඉක්මවා ගොස් තිබේ.මෙතෙක් රෝගීන් 14 දහසකට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබේ. වඳුරු උණ පැතිරීම හදිසි සෞඛ්‍ය සිද්ධියක් ලෙසට අප්‍රිකා වසංගත පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ලෝක සෞඛ්‍ය සංවිධානයට එය හදිසි මහජන සෞඛ්‍ය සිද්ධියක් ලෙසට ප්‍රකාශයට පත් කළේය.එක් වසංගතයක් පමණක් සම්බන්ධයෙන් කටයුතු නොකරන බවත් විවිධ රටවල විවිධ මට්ටමමේ  වසංගත පැතිරීම් සම්බන්ධයෙන් ක්‍රියා කරමින් සිටින බවත් ලෝක සෞඛ්‍ය සංවිධාන අධ්‍යක්ෂ ජනරාල් වරයා සඳහන් කළේය.

 

ගුවන් විදුලිය
20241120බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම