චීනයේ Diaoyu දූපත් ආශ්‍රිත චීන මුහුදු සීමාවට ඇතුළුවූ ජපාන ධීවර නැවක් පළවා හැරේ
2024-08-15 14:40:06
Share with:
ජපානයේ ධීවර නැවක් ඊයේ(14) නීතිවිරෝධිව චීනයේ Diaoyu දූපත් ආශ්‍රිත චීන මුහුදු සීමාවට ප්‍රවේශ විය. චීන වෙරළාක්ෂක බලකාය නීත්‍යනුකූලව එම නැව පලවා හැරීම හා අනතුරු ඇඟවීමට අවශ්‍ය පාලන පියවර ගෙන තිබේ.
Diaoyu දූපත් හා ඊට අනුබද්ධ දූපත් චීනයට අයත් භූමියකි. එම මුහුදු ප්‍රදේශයේ සියළු නීතිවිරෝධි ක්‍රියාවන් වහාම නතර කරන ලෙස චීනය ජපානයෙන් ඉල්ලා සිටී. නීත්‍යනුකූලව රට සතු සාගර කලාපයේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ නීතිය ක්‍රියාත්මක කිරීම, ජාතික ස්වාධිපත්‍යය, ආරක්ෂාව හා මුහුදු අයිතිවාසිකම් සුරැකීමට චීන වෙරළාරක්ෂක බලකාය අඛණ්ඩව පියවර ගනු ඇත.