චීන-බ්‍රසීල රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ගොඩනැගීමේ 50 වැනි සංවත්සරය සැමරීම වෙනුවෙන් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා හා බ්‍රසීල ජනාධිපති Luiz Inacio Lula da Silva මහතා අද(15) අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකා අතර සුබ පැතුම් පණිවුඩ හුවමාරු කර ගෙන ඇත.
ගෙවී ගිය වසර 50 තුළ ජාත්‍යන්තර තත්ත්වය කෙතරම් වෙනස් වුව ද චීන-බ්‍රසීල සබඳතාව ස්ථීර ලෙස වර්ධනය වී ඇති බව ෂී ජින් පිං මහතා එම සුබ පැතුම් පණිවුඩයේ සඳහන් කර ඇත. සිය රටේ සංවර්ධනය ප්‍රවර්ධනය කරමින් ලෝක සාමය, ස්ථාවරත්වය, සංවර්ධනය හා සමෘද්ධිය වෙනුවෙන් චීනය හා බ්‍රසීලය වැදගත් දායකත්වය ලබා දී ඇත. බ්‍රසීලය සමග රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ගොඩනැගීමේ 50 වැනි සංවත්සරය නව ආරම්භයක් ලෙස සලකමින් දෙරට අතර සංවර්ධන උපායමාර්ග ගැළපීම තහවුරු කරමින් විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතා හා හුවමාරු ශක්තිමත් කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ෂී ජින් පිං මහතා පැවසීය.
දෙරට අතර සබඳතාව, බහුධ්‍රැවීය පටිපාටිය හා වඩාත් සාධාරණ මෙන්ම ඵලදායී ගෝලීය පාලනයක් ස්ථාපිත කිරීමට වැදගත් වන අතර එය දෙරටේ හා ගෝලීය ස්ථාවරත්වයට ශක්තිමත් පදනමක් බවට පත්ව ඇති බව බ්‍රසීල ජනාධිපති Luiz Inacio Lula da Silva මහතා සිය සුබ පැතුම් පණිවුඩයේ සඳහන් කර ඇත. ඉදිරි වසර 50 තුළ දෙරටේ සබඳතාව ඔස්සේ නව අවස්ථා බිහි කර ගනිමින් සුන්දර අනාගතයක් ගොඩනැඟීමට හැකි වනු ඇතැයි හෙතෙම ප්‍රකාශ කර ඇත.