ගාසා තීරයේ නව සටන් විරාම සාකච්ඡා වටයක්
2024-08-15 11:25:30
Share with:

කටාර්හි අල් ජසීරා පුවත් සේවය 14 වැනිදා වාර්තා කළේ, ගාසා තීරයේ නව සටන් විරාම සාකච්ඡා වටයක් 15 වැනිදා කටාර් අගනුවර වන දෝහාහිදී පැවැත්වෙන බවයි.

ඊශ්‍රායල, කටාර්, ඇමරිකා සහ ඊජිප්තු නිලධාරීන් එම සාකච්ඡාවට සහභාගි වව අතර පලස්තීන හමාස් සංවිධානය ඊට සහභාගී වන්නේද යන්න පැහැදිලිව සඳහන් කර නොමැත.

පවතින ගැටුම්කාරී තත්ත්වයන් සමනය කර අදාළ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම සඳහා දෝහා හෝ කයිරෝ නුවරදී සාකච්ඡා නැවත ආරම්භ කරන ලෙස ඊශ්‍රායලය සහ හමාස් සංවිධානයෙන් 8 වැනිදා ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් කටාර්, ඊජිප්තුව සහ ඇමරිකානු නායකයින් ඉල්ලා තිබේ. 15 වැනිදා පැවැත්වෙන සාකච්ඡා සඳහා ඊශ්‍රායලයේ නියෝජිත පිරිසක් සැලසුම් කර ඇති බව එරට අග්‍රාමාත්‍ය කාර්යාලය 9 වැනිදා ප්‍රකාශ කළේ ය. ගාසා තීරයේ සටන් විරාම සාකච්ඡාවල මැදිහත්කරුවන් පෙර සාකච්ඡාවල ප්‍රතිඵල මත පදනම්ව සැලැස්මක් සකස් කර ඊශ්‍රායලයට ක්‍රියාත්මක කිරීමට බල කරල ලෙසත්, නව සාකච්ඡා වටයක් හෝ නව යෝජනා කෙරෙහි අවධානය යොමු නොකරන ලෙසත් හමාස් සංවිධානය 11 වැනිදා ප්‍රකාශයක් නිකුත් කරමින් ඉල්ලා සිටියේ ය.

 

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම