පුද්ගල ආදායම් බද්ද සඳහා නුදුරේදීම සහනයක්
2024-08-15 16:59:20
Share with:

පුද්ගල ආදායම් බද්ද සඳහා නුදුරේදීම සහනයක් ලබාදීමට අපේක්ෂා කරන බවත්, ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ මහා භාණ්ඩාගාරය මේ වනවිටත් ඉදිරිපත් කර ඇති යෝජනා දෙකක් සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එමෙන්ම ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම ඉලක්ක කරගනිමින් මෙරට උසස් අධ්‍යාපන ක්‍රමයේ පරිවර්තනයක් සිදු කිරීම සඳහා වන පුළුල් ප්‍රතිසංස්කරණ සැලැස්මක් ක්‍රියාත්මක කිරිමට බලාපොරොත්තු වන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළකර සිටියේ “සංවර්ධිත දේශයක් කරා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය පරිවර්තනය කිරීම” යන තේමාව යටතේ පැවති විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමුළුවේ ප්‍රධාන දේශනය සිදුකරමිනි.

ගුවන් විදුලිය
20241110ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම