චීන-ඉන්දුනීසියානු විදේශ හා ආරක්ෂක ඇමතිවරුන්ගේ සංවාද යාන්ත්‍රණයේ පළමු ඉහළ පෙළේ හමුව ජකර්තා නුවරදී
2024-08-14 12:40:16
Share with:

චීන-ඉන්දුනීසියානු විදේශ හා ආරක්ෂක ඇමතිවරුන්ගේ සංවාද යාන්ත්‍රණයේ පළමු ඉහළ පෙළේ හමුව පැවැත්වේ. එම හමුව ඊයේ (13) ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී පැවැත්විණ. චීන උප විදේශ ඇමති සුන් වෙයි තුං මහතා , චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ හමුදා කටයුතු පිළිබඳ කමිටුවේ ජාත්‍යන්තර සහයෝගිතා කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ චාං බාඕ ඡුන් මහතා සහ ඉන්දුනීසියානු විදේශ අමාත්‍යාංශයේ ආසියා-පැසිෆික්-අප්‍රිකා දෙපාර්තමේන්තු අධ්‍යක්ෂවරයා හා ඉන්දුනීසියානු ජාතිකාරක්ෂක අමාත්‍යාංශයේ උපාය මාර්ගික දෙපාර්තමේන්තු මහ ලේකම්වරයා ඊට එක් වූහ.

එම හමුව චීන-ඉන්දුනීසියානු විදේශ හා ආරක්ෂක ඇමතිවරුන්ගේ සංවාද යාන්ත්‍රණයේ නිල ආරම්භය ලෙස සැලකේ. චීනය හා ඉන්දුනීසියාව උපාය මාර්ගික විශ්වාසය තහවුරු කරමින් වඩාත් ඉහළ තලයකට එය ගෙන ගොස් ඇතැයි එමගින් පෙන්නුම් කෙරේ. ඉන්දුනීසියාව සමග එක්ව සම්බන්ධීකරණය හා සහයෝගිතාව ශක්තිමත් කරමින් ජාත්‍යන්තර යුක්තිය හා සාධාරණත්වය ආරක්ෂා කිරීමට චීනය කැමති බව චීන පාර්ශ්වය එම හමුවේදී කියා සිටියේ ය.

ලෝක සාමය, ස්ථාවරත්වය, සහයෝගිතාව සහ සංවර්ධනය වෙනුවෙන් සාමකාමී සහජීවනය පිළිබඳ පංච ප්‍රතිපත්තිය හා බැන්ඩුං ජීවගුණය ඉදිරියට ගෙන යන බවත්, සැබෑ බහුපාර්ශ්වවාදයට පොදුවේ අනුගත වී කටයුතු කරන් බවත්, ගෝලීය පරිපාලන ප්‍රතිසංස්කරණයට ඒකාබද්ධ ප්‍රමුඛත්වයක් ලබා දෙන බවත්, එහිදී දෙපාර්ශ්වය ප්‍රකාශ කළහ.

ද්විපාර්ශ්වික සම්බන්ධතා, රාජ්‍ය තාන්ත්‍රික හා ජාතිකාරක්ෂක ක්ෂේත්‍රවල දෙරටේ උපාය මාර්ගික සහයෝගිතා පිළිබඳව එහිදී දෙපාර්ශ්වය පුළුල් ලෙස අදහස් හුවමාරු කර  ගත් අතර අදාළ කරුණු සම්බන්ධයෙන් පොදු එකගතාවලට ද පැමිණ තිබේ.

 

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම