අප්‍රිකා රෝග පාලනය කිරීමේ හා වැළැක්වීමේ මධ්‍යස්ථානය ඊයේ(13) ප්‍රකාශ කළේ වඳුරු උණ වසංගතය අප්‍රිකාවේ හදිසි සෞඛ්‍ය සිද්ධියක් බවයි. වඳුරු උණ වසංගතය අප්‍රිකාවේ පැතිර යාම වැළැක්වීම වෙනුවෙන් හදිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙස එම මධ්‍යස්ථානය විවිධ අප්‍රිකා රටවලින් ඉල්ලා සිටී.
පසුගිය 8 වනදා අප්‍රිකා රෝග පාලනය කිරීමේ හා වැළැක්වීමේ මධ්‍යස්ථානය පළ කළ සංඛ්‍යාලේඛනයට අනුව අවම වශයෙන් අප්‍රිකාවේ රටවල් 16කට වඳුරු උණ බලපා තිබේ. 2023 වසරේ සමාන කාලය හා සැසඳීමේදී මේ වසරේ වඳුරු උණ ආසාදනය වූවන්ගේ ප්‍රමාණය සියයට 160කින් වැඩි වී ඇත.
1970 වසරේ කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ වඳුරු උණ ආසාදනය වූ ප්‍රථම පුද්ගලයෙක් වාර්තා විය. ඉන් පසු එම වෛරසය ප්‍රධාන වශයෙන් අප්‍රිකාවේ බටහිර හා මධ්‍යම ප්‍රදේශයේ පැතිර යමින් පවතී. 2022 වසරේ මැයි මස සිට ලෝකයේ රටවල් හා ප්‍රදේශ 100කට වැඩි සංඛ්‍යාවක වඳුරු උණ ආසාදන වාර්තා වී තිබේ.