ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීමේ කාලය අදින් අවසන්
2024-08-14 14:56:37
Share with:

ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීමේ කාලය අද දහවල් 12 න් අවසන් වේ. ඒ අනුව මෙවර ජනාධිපතිවරණය සඳහා ඊයේ(13) පස්වරුව වන විට අපේක්ෂකයින් 36 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර ඇත.

පිළිගත් දේශපාලන පක්ෂ 19 කින් හා තවත් පක්ෂයක් මෙන්ම ස්වාධීන අපේක්ෂකයින් 16 දෙනෙකු මෙසේ ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

මේ අතර 2024 ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද ප්‍රකාශයට පත්කරන දින මැතිවරණ කොමිසම නිවේදනය කර ඇත. ඒ අනුව තැපැල් ඡන්ද නිකුත් කිරීම හා තැපෑලට භාරදීම ලබන 26 වන දා සිදුකරන බව එම කොමිසම සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20241120බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම