හෙට(15) දිනට නියමිත දෙවැනි ජාතික ජෛව පාරිසරික දිනය වෙනුවෙන් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, Hu bei පළාතේ Shi yan නගරයේ Danjiangkou ජලාශ ප්‍රදේශයේ සේවය කරන පාරිසරික ආරක්ෂක ස්වේච්ඡා සේවකයන්ගේ කාර්යභාරය අගය කර ඇත. ඒ එම සේවකයන්ට පිළිතුරු ලිපියක් යොමු කරමිනි. එසේම එහිදී ජනාධිපතිවරයා රටේ සමස්ත ජෛව පාරිසරික ආරක්ෂක සේවක සේවිකාවන් සහ ස්වේච්ඡා සේවකයන් වෙත හෘදයාංගම සුබ පැතුම් පිරිනමා ඇත.
දකුණේ සිට උතුරු ප්‍රදේශයට ජලය හැරවීමේ ව්‍යාපෘතිය රටේ සමස්ත උපායමාර්ගික තත්ත්වය සමග සම්බන්ධ වේ. මානවයා සහ සොබාදහම අතර සුසංයෝගී සහජීවනයෙන් යුතු නවීකරණය ප්‍රවර්ධනය කිරීම සඳහා, ස්වේච්ඡා සේවකයින්ගේ ශක්තිය අඛණ්ඩව ඉදිරියට ගෙන යමින් වැඩි පිරිසක් සමග එක්ව ජල සම්පත් ආරක්ෂා කොට සොඳුරු චීනයක් නිර්මාණය කිරීමට තමා බලාපොරොත්තු වන බව ෂී ජින් පිං මහතා එහිදී ප්‍රකාශ කර ඇත.