ජපාන අගමැතිවරයා පාලක පක්ෂයේ නායකත්වයෙන් ඉවත් වෙයි
2024-08-14 16:38:57
Share with:

ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා ලබන මස පැවැත්වෙන පාලක ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ නායකත්ව ඡන්දයට ඉදිරිපත් නොවන බව ප්‍රකාශ කරයි.

මූල්‍ය චෝදනා සහ ඔහුගේ කැබිනට් මණ්ඩලය එල්ල වූ විවේචන හේතුවෙන් අවුල් සහගත තත්ත්වයට පත් වූ ෆුමියෝ කිෂිඩාගේ මෙම ප්‍රකාශයක් සමග එරටට නව අගමැතිවරයෙක් පත්කර ගැනීමට සිදුවනු ඇත.

අගමැති කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම කියා සිටියේ මූල්‍ය චෝදනා සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම තමන් භාර ගන්නා බවත් පාලක පක්ෂයට වෙනසක් කළ හැකි බව පෙන්වීමේ පළමු පියවර ලෙස මෙම තීරණය ගත් බවයි.

2021 වසරේ සැප්තැම්බර් මාසයේදී පාලක පක්ෂ නායකත්වයට පත් වූ 67 හැවිරිදි කිෂිඩාගේ තුන් අවුරුදු ධුර කාලය සැප්තැම්බර් මාසයේදී අවසන් වේ. එමෙන්ම මේ වනවිට පාලක පක්ෂයේ මහලේකම් ඇතුළු නියෝජිතයන් කිහිප දෙනෙක් ඉදිරි නායකත්වය වෙනුවෙන් තරඟ කිරීමට සූදානම් බව ද වාර්තා වේ

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම