ගාසා තීරයේ ස්ථීර සහ පුළුල් සටන් විරාමයක් සඳහා ගන්නා සෑම උත්සාහයකටම සහාය දෙන බවට චීනයෙන් ප්‍රකාශයක්
2024-08-14 19:48:36
Share with:

ගාසා තීරයේ ස්ථීර සහ පුළුල් සටන් විරාමයක් සඳහා ගන්නා සෑම උත්සාහයකටම සහාය දෙන බව චීනය පවසයි.

Ismail Haniya මහතාගේ ඝාතනයට එරෙහිව ඉරානය ඉදිරිපත් කළ තර්ජනාත්මක ප්‍රතිචාරයේ දී චීනය ඉරානය සමග සෘජු හෝ වක්‍ර අයුරින් සබඳතා පැවැත්වූයේ දැයි යන්න පිළිබඳ විවිධ ප්‍රශ්න පැනනැගුණි

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Lin Jian මහතා අද(14) පැවසුවේ කලාපීය තත්ත්වය සමනය කිරීමට සහ ගැටළුව තවදුරටත් උග්‍ර වීම වළක්වා ගැනීමට ජාත්‍යන්තර ප්‍රජාව සමග කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බවයි.

ගාසා තීරයේ ගැටුම කඩිනමින් සමනය කර එහි බලපෑම් තවදුරටත් ව්‍යාප්ත වීම වැළැක්වීමට කටයුතු කරන ලෙස චීනය ජාත්‍යන්තර ප්‍රජාවෙන් බොහෝ අවස්ථාවලදී ඉල්ලීම් කර ඇති බව ද ඔහු පෙන්වා දී ඇත.

 

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම