වතු කම්කරු දීමනාව ඉහළට
2024-08-13 20:02:20
Share with:
වතු සේවකයන්ගේ දෛනික වැටුප රුපියල් 1,700ක් දක්වා ඉහළ නැංවීමට පඩි පාලක සභාව ඊයේ(12) තීරණය කර ඇත. ඒ අනුව වතු කම්කරුවන් වෙනුවෙන් මූලික වැටුප රුපියල් 1,350ක් සහ දිරි දීමනාවක් වශයෙන් රුපියල් 350ක් ලබාදීමට නියමිතය. වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් එහිදී ඡන්ද විමසීමක්ද පවත්වා ඇති අතර වැඩි ඡන්දයෙන් එය සම්මත වී තිබේ. ඒ සඳහා පඩි පාලක සභාව, වතු හාම්පුතුන්ගේ සංගමය හා කම්කරු කොමසාරිස්වරයා ඇතුළු අමාත්‍යාංශ නිලධාරින් එක්ව තිබේ.
මෙම වැටුප් ප්‍රශ්නයට අමතරව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වතු ජනතාවට තමන් ජීවත් වන පර්චස් 8ක නිවසේ උරුමය ලබා දීමටත් ජීවත් වන නිවාස ගම්මානයක් බවට පත් කරමින් ඔවුන්ට ලබා දීමටත් එකඟතාව පළ කර ඇත.