වරාය නගරයේ පාසලක්, විශ්වවිද්‍යාලයක් සහ රෝහලක් ඉදි කිරීමට කැබිනට් අනුමැතිය
2024-08-13 15:32:24
Share with:
2021 අංක 11 දරන කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනතේ 6(1) (ඇ) වගන්තිය මගින් කොළඹ වරාය නගර බල ප්‍රදේශය තුළ පිහිටි ඉඩම් සහ කොමිෂන් සභාවට පවරා ඇති රජයේ අලෙවි කළ හැකි ඉඩම් බදු දීමට කොමිෂන් සභාව වෙත බලය ලබා දී ඇත.
ඒ අනුව, කොළඹ වරාය නගරයේ පාසලක්, විශ්වවිද්‍යාලයක් සහ රෝහලක් ඉදි කිරීම සඳහා ආයෝජකයින් තෝරා ගැනීමට යෝජනා කැඳවා ඇත. මේ සඳහා ඉඩම් කොටස් බදු දීමේ ගිවිසුම්වලට එළඹීමට ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.