චීන ආර්ථීකය වත්මන් ලෝක ආර්ථිකයට සිදු කරන සාධනීය බලපෑම් දෙස බැලීමේ දී චීනයේ ප්‍රතිසංස්කරණ ගෝලීය වශයෙන් ඉතා වැදගත් සාධකයක් බව කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ජනසන්නිවේදන අධ්‍යයනාංශයේ මහාචාර්ය ටියුඩර් වීරසිංහ මහතා පවසයි.
ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය ප්‍රතිපත්තිය හඳුන්වා දීමේ සිට චීනය කාලානුරූප ප්‍රතිසංස්කරණ තුළින් සිය ආර්ථිකමය ශක්තිය වර්ධනය කර ගැනීමට සමත්ව ඇත. බහුපාර්ශ්වාදය තුළ විවෘතභාවය පුළුල් කිරීමෙන් නව අවස්ථා ළඟාකර ගැනීමට චීනයට හැකිවනු ඇත.එවන් අවස්ථා චීනයට පමණක් හුදෙකලා වශයෙන් ගෙන එන අවස්ථාවන් නොව ගෝලීය වශයෙන් ද හිමිවන අවස්ථාවන් ලෙසට හඳුන්වා දිය හැකි බව හෙතෙම සඳහන් කරයි. 70 දශකයේදී චීනය ප්‍රතිසංස්කරණ හා විවෘතභාව ප්‍රතිපත්තිය හඳුන්වාදීමෙන් පසු එය පැහැදිලිව දැකගත හැකිවිය.
ලෝක ආර්ථිකය ප්‍රධාන වශයෙන් සංකේතාත්මක ආර්ථීකය, මූල්‍ය ආර්ථිකය සහ ද්‍රව්‍යමය ආර්ථීකය වශයෙන් බෙදිය හැකිය. චිනය ගත් විට සමස්ත ලෝක ආර්ථිකයෙන් අඩකටත් වඩා වැඩි ප්‍රමාණයක් නිෂ්පාදන ක්ෂේත්රයේ ඇති මූර්ත වටිනාකමට දායක වන රටකි.මෙම ප්රසාරණයට බලපෑ ප්‍රධානතම සාධකය චීනය සිය ආර්ථිකයේ සිදු කළ ප්‍රතිසංස්කරණ හා විවෘතභාවයන්ය. වර්තමානයේ දී තවත් ඉදිරියට යමින් චීනය සිදු කරන ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය පුළුල් කිරීම චීනයේ මෙන්ම ලෝක ආර්ථිකයේ දී නව අවස්ථාවන් ජනිත කිරීමට හේතුවනු ඇතැයි මහාචාර්ය ටියුඩර් වීරසිංහ මහතා කියාසිටී.