ප්‍රංශ ජනාධිපති Emmanuel Macron, ජර්මානු චාන්සලර් Olaf Scholz සහ බ්‍රිතාන්‍ය අගමැති Keir Starmer යන නායකයින් එක්ව මැද පෙරදිග ප්‍රශ්නය සම්බන්ධයෙන් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කර තිබේ. කලාපීය ආතතීන් ලිහිල් කර වහාම සාකච්ඡා නැවත ආරම්භ කරන ලෙස ඔවුන් එම ප්‍රකාශයෙන් ඉල්ලා ඇති බව ප්‍රංශ ජනාධිපති මන්දිරය ඊයේ(12) නිවේදනය කළේය.
මැදපෙරදිග ආතතීන් උත්සන්න වීම පිළිබඳව රටවල් තුනේ නායකයින් දැඩි සැලකිල්ලක් දක්වන බවත්, කටාර්, ඊජිප්තුව සහ ඇමරිකාවේ නායකයන්ගේ ඒකාබද්ධ ප්‍රකාශයට එකඟ වූ බව මෙන්ම වහාම සාකච්ඡා ආරම්භ කරන ලෙස ඉල්ලා සිටින බවත් එම ප්‍රකාශයේ දැක්වේ. සටන වහාම නතර කොට හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටින සියලුම ප්‍රාණ ඇපකරුවන් නිදහස් කළ යුතුය. බාධාවකින් තොරව ගාසා තීරයේ ජනතාවට හදිසි ආධාර ලබා දිය යුතු බව ද එහි සඳහන්ව තිබේ.
කලාපීය ආතතීන් තවදුරටත් උග්‍ර කළ හැකි සහ සටන් විරාමයක් සාක්ෂාත් කර ගැනීමේ මෙන්ම ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම අනතුරේ හෙළන ප්‍රහාර දියත් නොකරන ලෙස රටවල් තුනේ නායකයින් ඉරානය සහ එහි සන්ධාන රටවලින් විශේෂයෙන් ඉල්ලා සිටින බව එම ප්‍රකාශය සඳහන් කර ඇත.