චීන-පාකිස්තාන ආර්ථික කොරිඩෝ‍ ජලවිදුලි ව්‍යාපෘතියේ පළමු ඒකකය පාකිස්තානයේ විදුලිබල පද්ධතියට සම්බන්ධ කෙරේ
2024-08-13 09:41:55
Share with:

චීන-පාකිස්තාන සහයෝගයෙන් ඉදි කෙරෙන වයඹදිග පාකිස්තානයේ සුකී කිනාරි ජලවිදුලි ව්‍යාපෘතියේ පළමු ඒකකය ඊයේ(12) විදුලිබල උත්පාදනය සඳහා ජාලයට සම්බන්ධ කෙරිණ.

චීන-පාකිස්ථාන ආර්ථික කොරිඩෝව යටතේ වාණිජ මෙහෙයුම් සඳහා ගෙන ඇති වඩාත් තීරණාත්මක පියවර මෙම ව්‍යාපෘතියෙන් සනිටුහන් කරයි.

එම සම්බන්ධ කිරීමෙන් පසු ජල විදුලි බලාගාරය ප්‍රදේශවාසීන්ට පිරිසිදු විදුලිය සම්ප්‍රේෂණය කිරීම ආරම්භ කර ඇත.

මෙම ව්‍යාපෘතිය මගින් අනාගතයේ දී සෑම වසරකම පාකිස්තාන නිවාස හිමි මිලියනයකට අධික පිරිසකට පිරිසිදු විදුලිය ලබා දීමට අපේක්ෂා කෙරේ.

එය පාකිස්තානයේ ජාතික බලශක්ති ව්‍යුහයේ විදුලි සැපයුම සහ ඉල්ලුම අතර පරතරය අඩු කිරීමට මෙන්ම එරටේ යටිතල පහසුකම් සහ ආර්ථික සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට උපකාරී වනු ඇත.

Khyber Pakhtunkhwa පළාතේ Mansehra දිස්ත්‍රික්කයේ පිහිටා ඇති මෙගාවොට් 884 ක ජලවිදුලි ව්‍යාපෘතියේ ඉදිකිරීම් 2017 ජනවාරි මාසයේදී ආරම්භ කෙරිණ.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම