අප්‍රිකාවේ අනාගතය අප්‍රිකා ජනතාවට යළි භාර ‍දිය යුතු බව චීනය ආරක්ෂක මණ්ඩලය හමුවේ පවසයි
2024-08-13 10:17:11
Share with:

අප්‍රිකාවේ ‍‍ඓතිහාසික අසාධාරණත්වය නිවැරදි කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ උසස් පෙළේ සමුළුව ඊයේ(12) පැවැත්විණ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන ස්ථාවර නියෝජිත Fu Cong මහතා එහිදී පැවසුවේ බටහිර රටවල් ඉතිහාසයේ වගකීම භාර ගනිමින් බාහිර මැදිහත්වීම හා සම්බාධක පැනවීම ඇතුළු වැරදි ක්‍රියා නතර කර අප්‍රිකාවේ අනාගතය අප්‍රිකා ජනතාවට යළි භාර ‍දිය යුතු බවයි.

අතීතයේ බටහිර රටවල් අප්‍රිකාවේ අමානුෂික වහල් වෙළඳාම හා සම්පත් කොල්ලකෑම් සිදු කර අප්‍රිකා‍ ජනතාවගේ ස්වභාවික අයිතිය හා ගෞරවය අහිමි කර ඇති බව Fu Cong මහතා කියා සිටියේය. මේ වනවිට ඇතැම් බටහිර රටවල් තවමත් යටත්විජිත සංකල්පය අනුගමනය කරමින් මූල්‍ය, නීති, සම්බාධක හා යුධ ඇතුළු ක්‍රම ඔස්සේ අප්‍රිකා රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වී මුදල්, බලශක්ති, පතල් හා ජාතික ආරක්ෂාව ඇතුළු ක්ෂේත්‍ර මගින් අප්‍රිකා රටවල් සූරාකෑම හා පාලනය කිරීමට ඕනෑම ක්‍රියාවක් භාවිත කරන බව හෙතෙම කීය.

අප්‍රිකා රටවල් තිරසර සංවර්ධන මාර්ග‍යේ ගමන් කිරීම හා සදාකාලීන සාමය තහවුරු කිරීමට අනුබල දීම ප්‍රමුඛ කාර්යයක් බව චීනය විශ්වාස කරයි. බහුපාර්ශ්වික පාලන රාමු ප්‍රතිසංස්කරණය ප්‍රවර්ධනය කරමින් එහි අප්‍රිකා නියෝජිකත්වය හා අදහස් දැක්වීමේ අයිතිය වර්ධනය කළ යුතු ය. හවුල්කාරී රටවල් සමග සහයෝගිතා පවත්වමින් අප්‍රිකාවේ සංවර්ධනය වෙනුවෙන් අවංක ලෙස සහය ලබා දීමට චීනය කැමැත්තෙන් සිටින බව Fu Cong මහතා අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම