චීන විද්‍යුත් වාහන සම්බන්ධයෙන් යුරෝපා සංගමය තාවකාලික ප්රතිවිරෝධී ක්‍රියාමාර්ග ගැනීමට පසුගිය දා තීරණය කළේය. මේ සම්බන්ධයෙන් මෙන්ම විද්‍යුත් වාහන කර්මාන්තයේ සංවර්ධන අයිතිවාසිකම් සහ අවශ්‍යතා ආරක්ෂා කිරීම සහ ගෝලීය හරිත සංවර්ධනය වෙනුවෙන් චීනය ලෝක වෙළද සංවිධානයේ ආරවුල් විසඳීමේ යාන්ත්රණයට ඉල්ලීමක් කර ඇත.
ඒ අනුව CGTN මේ පිළිබඳව ගෝලීය මාර්ගගත මත විමසුමක් සිදු කර තිබේ. එහිදී ගෝලීය ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 87.5%ක් පෙන්වා දී ඇත්තේ යුරෝපා සංගමයේ ආරක්ෂණවාදය හේතුවෙන් දෙපාර්ශ්වය අතර වෙළඳ ආරවුල් අවසන් කිරීමට නොහැකි වනවා පමණක් නොව, එය ගෝලීය මෝටර් රථ කර්මාන්තයේ දියුණුවට ද අහිතකර ලෙස බලපාන බවයි.
යුරෝපා සංගමය ප්රතිවිරෝධතා මුවාවෙන්, වෙළඳ ආරක්ෂණවාදී ක්‍රියාමාර්ග ලෙස චීන විද්‍යුත් වාහන සඳහා ඉහළ තීරුබදු පනවා ඇත. ඉන් පෙන්නුම් කරනුයේ යුරෝපා සංගමය ඒකපාර්ශ්විකව නිරපේක්ෂ ප්රතිලාභ දෙස පමණක් අවධානය යොමු කර ඇති බව ය.
මෙම ක්‍රියා මගින් අවසානයේ සිදු වනුයේ පොදු අරමුණුවලට පටහැනිව ගැටලුකාරී තත්ත්වයන් නිර්මාණය වීමයි. එමෙන්ම මෙහිදී ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 85.14%ක් පෙන්වා දී ඇත්තේ මෙලෙස ඉහළ තීරුබදු පැනවීම නිසා නිර්මාණය වන අමතර පිරිවැය අවසානයේ යුරෝපීය පාරිභෝගිකයන්ට දැරීමට සිදු වනු ඇති බවයි.
මෙම සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 80.74% ක් මෙම අසාධාරණ ක්‍රියාමාර්ග යුරෝපීය මෝටර් රථ කර්මාන්තයේ තරගකාරිත්වය විශාල වශයෙන් දුර්වල කිරීමටත්, චීන-යුරෝපා මෝටර් රථ කර්මාන්තයේ සහයෝගිතාව අඩපණ කිරීමටත් හේතු වන බව සඳහන් කර ඇත.
වර්තමානයේ දරුණු ගෝලීය දේශගුණ විපර්යාසයන්ට මුහුණ දෙමින්, අවම කාබන් සංවර්ධන ඉලක්කය සාක්ෂාත් කර ගැනීමට විද්‍යුත් වාහන නිපදවන රටවල් වැදගත් දායකත්වයක් ලබා දෙමින් සිටී. මෙහිදී ගෝලීය ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 87.96%ක් චීනයේ විද්‍යුත් වාහන වැනි නව බලශක්ති කර්මාන්තවල ප්‍රබල සංවර්ධනය, ලෝක ආර්ථිකයට සහ ගෝලීය හරිත සංවර්ධනයට දැවැන්ත සහයෝගයක් ලබා දීම වෙනුවෙන් ප්‍රශංසාව පළ කර තිබීම විශේෂත්වයකි.
මෙහිදී ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 90.84% ක් චීනය සහ යුරෝපා සංගමයෙන් ඉල්ලා සිටියේ සාකච්ඡා මගින් මෙම විද්‍යුත් වාහන වෙළඳ අර්බුදය විසඳා ගැනීමටත්, ආරක්ෂණවාදී ප්රවේශයකට වඩා සහයෝගී පියවරක් වෙත යොමු වන ලෙසයි. එය පොදුවේ ලෝක ආර්ථික සංවර්ධනය සහ ගෝලීය දේශගුණ විපර්යාස පාලනය සඳහා තිරසර විසඳුමක් වනු ඇති බව ද ඔවුහු පෙන්වා දුන්හ.
මෙම සමීක්ෂණය CGTN හි ඉංග්‍රීසි, ස්පාඤ්ඤ, ප්‍රංශ, අරාබි සහ රුසියානු භාෂාවලින් සිදු කර ඇති අතර, පැය 24ක් ඇතුළත නෙටිසන්ස්වරු 12,032ක් පමණ සිය මතය ප්‍රකාශ කර තිබීම ද විශේෂත්වයකි.