ගාසා තීරයේ ඊශ්‍රායල හමුදා මෙහෙයුම් හේතුවෙන් සිවිල් වැසියන්ට හානි සිදු වීම පිළිබඳ චීනයේ දැඩි විරෝධය
2024-08-13 19:19:12
Share with:

ගාසා තීරයේ ඊශ්‍රායල හමුදා මෙහෙයුම් හේතුවෙන් එහි සාමාන්‍ය වැසියන් රැසක් ජීවිතක්ෂයට පත් වීම සහ හානි සිදු වීම පිළිබඳව චීනය දැඩි අවධානය යොමු කරයි.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Lin Jian මහතා මේ බව ප්‍රකාශ කර ඇත.

සටන් විරාමයක් වහාම ක්‍රියාත්මක කරන ලෙස චීනය ඊශ්‍රායලයෙන් දැඩිව ඉල්ලා සිටින බව Lin Jian මහතා පැවසීය.

ඊශ්‍රායල හමුදාව පසුගිය 10වැනිදා උදෑසන ගාසා තීරයේ පාසලකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමෙන් 100කට වැඩි පිරිසක් මිය ගිය අතර දහයකට වැඩි සංඛ්‍යාවක් ඉන් තුවාල ලැබූ බව පලස්තීන හමාස් සංවිධානයේ මාධ්‍ය කාර්යාලය එදින ප්‍රකාශ කළේය.

සාමාන්‍ය වැසියන්ට හානි කරන සියලු ක්‍රියාවන් චීනය හෙළා දකී. ජාත්‍යන්තර ප්‍රජාවේ ඉල්ලීම්වලට අනුව සටන් විරාමයක් ආරම්භ කරන ලෙසත්, කලාපීය ආතතීන් තවදුරටත් උත්සන්න වීම වළක්වා ගන්නා ලෙසත් චීනය ඊශ්‍රායලයෙන් දැඩිව ඉල්ලා සිටින බව ද Lin Jian මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම