ඩොලරයේ කැපීපෙනෙන පහළ යාමක්
2024-08-13 15:37:26
Share with:
ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලරයේ කැපීපෙනෙන පහළ යාමක් අද (12) දින වාර්තා වී ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද දින එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.41 ක් හා විකුණුම් මිල රු. 304.66 ක් ලෙසින් සටහන්ව ඇත.
මේ අතර මෙම වසරේ අගොස්තු 09 දක්වා කාලපරිච්ඡේදය තුළ දී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 7.5% කින් අතිප්‍රමාණය වී ඇති බව ද ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.