චීන විදේශ අමාත්‍ය වං යී මහතා හෙට (14) සිට 17 වැනිදා දක්වා මියන්මාරයේ සහ තායිලන්තයේ නිල සංචාරයකට එක් වීමට නියමිතය. එම සංචාරයේදී වං යී මහතා Lancang-Mekong සහයෝගිතා සඳහා වන විදේශ අමාත්‍යවරුන්ගේ 9 වන රැස්වීමට සහභාගී වීමට අපේක්ෂා කරන අතර, චීන-ලාඕස-මියන්මාර-තායිලන්ත විදේශ අමාත්‍යවරුන්ගේ නිල නොවන හමුවට ද සහභාගී වනු ඇතැයි වාර්තා වෙයි.
චීනය සහ මියන්මාරය අතර විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතාව මෙන්ම දෙරට ජනතාව අතර මිත්‍රත්වය ශක්තිමත් කිරීම සහ පොදු ඉරණමක් සහිත චීන-මියන්මාර ප්‍රජාවක් ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීම මෙවර වං යී මහතාගේ මියන්මාර සංචාරයේ අරමුණ බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා අද (13) පැවසීය.
Lancang-Mekong සහයෝගිතාව, චීනය කාම්බෝජය, ලාඕසය, මියන්මාරය, තායිලන්තය සහ වියට්නාමය සමග ඒකාබද්ධව සාකච්ඡා කිරීම සඳහා ඇති කර ගත් නව කලාපීය සහයෝගිතා යාන්ත්‍රණයක් බව ද ඔහු පෙන්වා දුන්නේය. එම සහයෝගිතාව 2016 වසරේ ආරම්භ වූ දා සිට, කැපී පෙනෙන ජයග්‍රහණ අත්කර ගෙන ඇති අතර, අදාළ රටවල් හයේ ආර්ථික හා සමාජ සංවර්ධනය ද ප්‍රවර්ධනය කර ඇත. මෙවර Lancang-Mekong සහයෝගිතා සඳහා වන විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම ඔස්සේ Mekong රටවල් සමග මීළඟ අදියරේ සහයෝගිතා පවත්වා ගැනීම පිළිබඳ සැලසුම් කිරීමට හැකි වනු ඇතැයි චීනය අපේක්ෂා කරන බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා වැඩිදුරටත් පවසා ඇත.