චීන ජනපතිගේ විශේෂ නියෝජිතවරියක් පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවයට
2024-08-12 15:35:22
Share with:

33 වන ගිම්හාන ඔලිම්පික් ක්‍රීඩා උළෙල නිමාවට පත්වෙයි. එම සමාප්ති උත්සවය ඊයේ(11) රාත්‍රියේ ප්‍රංශයේ පැරිස් අගනුවර දී පැවැත්විණ. ආරාධනාවකට අනුව චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ විශේෂ නියෝජිත, චීන රාජ්‍ය මණ්ඩල සාමාජිකා Shen Yiqin මහත්මිය එම උත්සවයට එක්වූවාය.

එම උත්සවය ඇරඹීමට පෙර Shen Yiqin මහත්මිය ප්‍රංශ ජනාධිපති Emmanuel Macron මහතා හමුවූ අවස්ථාවේදී පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල සාර්ථකව පැවැත්වීම පිළිබඳව සුබ පැතුම් එක් කළාය. චීන ක්‍රීඩා නියෝජිත පිරිස වෙත ප්‍රංශය දක්වා ඇති සහයෝගය පිළිබඳව ද ඇය එහිදී සිය කෘතඥතාව පළ කළාය.

එමෙන්ම ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සමග එක්ව උසස් මට්ටමේ සහයෝගිතා ශක්තිමත් ලෙස සංවර්ධනය කර ගනිමින්, ඔලිම්පික් ක්‍රීඩාවේ සංවර්ධනය වෙනුවෙන් නව හා විශාල කාර්යභාරයක් ඉටු කිරීමට චීනය සූදානමින් සිටින බව Shen Yiqin මහත්මිය පසුගිය 10වැනිදා පැරිස් නුවර එම කමිටුවේ සභාපති Thomas Bach මහතා හමුවූ අවස්ථාවේදී ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම