විදේශීය නිරීක්ෂකයින්ට මැතිවරණ කොමිසමේ අවසරය
2024-08-12 16:54:56
Share with:
ඉදිරි ජනාධිපතිවරණ ඡන්ද විමසිමේ කටයුතු නිරීක්ෂණය කිරිම සඳහා විදේශීය නිරීක්ෂකයින්ට මැතිවරණ කොමිෂන් සභාව අවසර ලබාදී තිබේ.
ඒ අනුව යුරෝපා සංගමයේ සහ පොදුරාජ්‍ය මණ්ඩල නිරීක්ෂකයින් සඳහා අවසර ලබාදුන් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා සඳහන් කළේය. ඒ එම සංගම් කළ ඉල්ලීමකට අනුව ය.
ඒ අනුව යුරෝපා සංගමයේ සහ පොදුරාජ්‍ය මණ්ඩලයේ මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් ඉදිරි දිනවල දී දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වේ.