පඩි පාලක සභාව සහ ජනපති අතර සාකච්ඡාවක් අද
2024-08-12 15:40:38
Share with:
වතු කම්කරුවන්ට දිනකට රුපියල් 1700ක වැටුපක් ලබාදීමට රජය ගත් තීරණය සමග දැනට වතු සමාගම් 07ක් ඊට එකඟතාව පළකර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
වත්මන් කම්කරු අමාත්‍යවරයා ලෙස අද (12) පඩි පාලක සභාව කැඳවා ඒ පිළිබඳ වැඩිදුර සාකච්ඡා කරන බවත්, එම තීරණය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අවශ්‍ය පරිදි විශේෂ නීති ගෙන ඒමට ද තමන් සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ පසුගිය දා පැවති මහනුවර දිස්ත්‍රික් වතු කම්කරු වෘත්තීය සමිති හා තරුණ නායක හමුවට එක් වෙමිනි.