“2+2” සංවාද යාන්ත්‍රණය, එනම් චීන-ඉන්දුනීසියා විදේශ හා ආරක්ෂක ඇමතිවරුන් අතර සංවාද යාන්ත්‍රණයේ ප්‍රථම උසස් පෙළේ නිලධාරීන්ගේ රැස්වීම පැවැත්වීමට මේ වනවිට සියලු කටයුතු සූදානම්ව ඇත. මේ සඳහා, චීනයේ උප විදේශ අමාත්‍ය Sun Weidong සහ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මධ්‍යම හමුදා කමිටුවේ ජාත්‍යන්තර හමුදා සහයෝගිතා කාර්යාලයේ උප ප්‍රධානී Zhang Baoqun යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත කණ්ඩායමක් අද(12) ඉන්දුනීසියාවේ Jakarta නුවර බලා පිටත්ව ගියහ. ඒ බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයෙකු අද සඳහන් කළේය.
චීනය 2023 වසරේ ආරම්භ කළ මෙම යාන්ත්‍රණය, විදේශ රටක් සමග ස්ථාපිත කර ඇති ප්‍රථම අමාත්‍ය මට්ටමේ “2+2” සංවාද යාන්ත්‍රණය ද වේ. චීනය හා ඉන්දුනීසියාව අතර සබඳතාව පිළිබඳ මෙන්ම පොදු අවධානයට ලක්වන ජාත්‍යන්තර හා කලාපීය ප්‍රශ්න සම්බන්ධයෙන් ද දෙපාර්ශ්වය එහිදී අදහස් හුවමාරු කර ගනු ඇති බව ද චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.