ලොවක් විස්මිත කළ චීන‍යේ ඔලිම්පික් ජයග්‍රහණ
2024-08-12 20:13:36
Share with:

දින 19ක් පුරා පැවති 33 වන ගිම්හාන ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඊයේ(11) නිමාවට පත්විය. එහිදී චීන ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් 40ක්, රිදී පදක්කම් 27ක් හා ලෝකඩ පදක්කම් 24ක් දිනාගැනීමට සමත් වීම කැපීපෙනේ. එසේම, රන් පදක්කම් සංඛ්‍යාව හා සමස්ත පදක්කම් සංඛ්‍යාව අනුව විදේශයන්හි පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙලක දැක්වූ ඉහළම කාර්යසාධනය චීනය වාර්තා කිරීම ද විශේෂත්වයකි. එය "ක්‍රීඩා කාර්යයන්හි සහ ජීවගුණයක් සහිත චීන ශිෂ්ටාචාරයේ ද්විත්ව ජයග්‍රහණයක්" ලබා ගත් අවස්ථාවක් ලෙස හැඳින්විය හැකි ය. චීන කණ්ඩායම ලබා ගත් මෙම ප්‍රතිඵලය චීනයේ ක්‍රීඩා ජීවගුණය සහ ඔලිම්පික් ජීවගුණය විචිත්‍රවත් ලෙස නිරූපනය කළ අතර එය වත්මන් චීනයේ සුන්දර ප්‍රචාරණ නාමයක් බවට ද පත්ව ඇත.

මේසපන්දු සහ පිහිනුම් ඇතුළු බොහෝ ක්‍රීඩාවලදී ලබා ඇති ප්‍රතිඵල හේතුවෙන්, විශිෂ්ට ක්‍රීඩක-ක්‍රීඩිකාවන් නිර්මාණය කිරීමට චීනයට ඇති හැකියාව මින් මනාව සනාථ වන බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා පසුගියදා චීන මාධ්‍ය සමූහය සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේය.

එපමණක් නොව විදේශීය සමාජ මාධ්‍ය වේදිකාවල, චීන ක්‍රීඩක-ක්‍රීඩිකාවන්ගේ දස්කම් සම්බන්ධයෙන් නෙට්සන්ස්වරුන් ද ප්‍රශංසා කර ඇත.

රටක ක්‍රීඩාවේ සාර්ථකත්වය බොහෝ විට වැඩි ප්‍රතිලාභ ගෙන දෙන බව බ්‍රිතාන්‍ය "ෆිනෑන්ෂල් ටයිම්ස්" පුවත්පත ද මෑතකදී ලිපියක් පළ කරමින් සඳහන් කළේය.

චීනය‍ට මෙම තරගකාරී ක්‍රීඩා ශක්තිය ලැබෙනුයේ කෙසේ ද? විශ්ලේෂකයින් විවිධ අයුරින් මේ පිළිබඳ ගවේෂණයන් කර තිබේ. චීනයේ පුළුල් ජාතික ශක්‍යතා අඛණ්ඩව වර්ධනය වීම, විවිධ ක්ෂේත්‍රවල ක්‍රීඩා කුසලතා අඛණ්ඩව පෙන්නුම් කිරීම සහ ඔලිම්පික් ක්‍රීඩා උළෙල දෙකක් චීනයේදී සාර්ථකව පැවැත්වීම චීන ජනතාවගේ ක්‍රීඩාව කෙරෙහි ඇති උනන්දුව බෙහෙවින් උත්තේජනය කිරීම යනාදිය එහිදී අනාවරණය කර ගෙන ඇත.

ඔලිම්පික් උළෙල යන්න, ලෝකයට චීනයේ සංවර්ධනය හා වෙනස්කම් ගැන මනාව අවබෝධ කරගැනීමට හැකි කවුළුවකි. 1984 දී, චීන නියෝජිත පිරිස සිය පළමු ඔලිම්පික් රන් පදක්කම දිනූ දා සිට, 2024 දී, ඔලිම්පික් රන් පදක්කම් ලැයිස්තුවේ ප්‍රථම ස්ථානයට පැමිණීමට චීනය  සමත් වීම දක්වා ගෙවී ගිය වසර 40 තුළ ඔලිම්පික් ක්‍රීඩා උළෙලෙන් චීනයේ තරගකාරී ක්‍රීඩා හැකියාවේ ප්‍රගතිය පෙන්නුම් කර ඇත. එසේම චීනයේ පුළුල් ජාතික ශක්‍යතාව අඛණ්ඩව වැඩිදියුණු කිරීම සහ ඔලිම්පික් ව්‍යාපාරයේ දියුණුව සඳහා චීනය ඉටු කර ඇති වැදගත් කාර්යභාරය ද එමගින් මනාව පිළිඹිබු වනු ඇත.

ගුවන් විදුලිය
20241012සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම